මෙවර තරගාවලියේ හොඳම ජය එංගලන්තයට

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 04, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදී වාර්තා වූ ඉහළම ජයග්‍රහණය වාර්තා කරන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.එහිදී ඔවුන් හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.


මෙම පරාජයේ වගකීම ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකානු පිතිකාරිීණියන්ගේ ගිණුමට බැර විය යුතු වෙනවා.ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් සහිත දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 69 ට දවාලමින් මේ ජයග්‍රහණයේ ගෞරවය එංගලන්තයට ලබා දීමට කටයුතු කළේ එංගලන් පන්දු යවන්නියන්ය.


ඒ අතරින් උප මහද්වීප තණතීරුවලට තමන් හුරුව සිටින බව පෙන්නුම් කළ එංගලන්ත වමත් දඟ පන්දු යවන්නී ලින්සේ ස්මිත් ලකුණු 7 ට කඩුුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.තරගයක සමස්ත පන්දු ඕවර් ගණන සියයක් වුවත්,මුළු තරගයම පන්දුවාර 34.5 ට සීමා වුණා.තරගයක වින්දනය කරන්න පැමිණි ප්‍රේක්ෂකයින්ට එම තරගයේ අඩක් ගෙවෙන්නටත් පෙර නැවත හැරී යාමට සිඳු වුණා.


දකුණු අප්‍රිකාව පන්දු ඕවර් 24.4 ට මුහුණ දී ලකුණු 69 ක් ලබා ගත් අතර එංගලන්තය එම ලකුණු ප්‍රමාණය ඉක්මවා යමින් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 73 ක් ලබා ගන්නට ගත කළේ පන්දු ඕවර් 14.1 ක් පමණයි.එහිදී තරමක වේගවත් පිතිකරණයක නියැලි එංගලන්ත පිතිකාරිණිය ඇමී ජෝන්ස් පන්දු 50 දී නොදැවී ලකුණු 40 ක් රැස් කරන්නට සමත් වුණා.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න…
https://bit.ly/46LVzAk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...