බාලක ආධිපත්‍යය මධ්‍යම තහවුරු කර ගනිද්දී,බාලිකා ආධිපත්‍යය මධ්‍යම පළාතෙන් සම්පූර්ණයෙන් ගිලිහෙයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 06, කොළඹ LNW:

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ දී ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල ක්‍රීඩා හොකී තරගාවලියේ බාලක අංශයේ රන් රිදී ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වයම මධ්‍යම පළාත විසින් දිනා ගැනීම කැපී පෙණුනා.ඒ අතරින් රන් පදක්කම දිනා ගන්නට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් වුණා. බාලිකා අංශයේදී දී නාවල ජනාධිපති බාලිකා විදුහලට රන් පදක්කම හිමි කර ගත්තේ මෑත කාලීන බාලිකා රගර් කේෂ්ත්‍රය තුළ කැපී පෙණුන වෙන්නප්පුව ශුද්ධ වූ බාලිකා විද්‍යාලය දෙවන තැනට ඇඳ දමිමින් වූ අතර තෙවන ස්ථානයත් කොළඹම රඳවා ගැනීමට මියුසියස් විද්‍යාලය කටයුතු කළා.ඒ කාන්තා හොකී ආධිපත්‍යය මධ්‍යම පළාතින් උඳුරා ගනිමින්.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ ක්‍රීඩක මාතලේ ශාන්ත තෝමස් විදුහලේ නෙත්මිණ බණ්ඩාර ධර්මකීර්ති සමත් විය. නාවල ජනාධිපති බාලිකා විදුහල නියෝජනය කළ සෙනායා දේදුනු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙවර තිළිණ ලැබුවාය.

ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පැවති බාලක අවසාන තරගයේ දී ගෝල් 05 – 02 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට මාතලේ ක්‍රීඩකයින් සමත් වූයේ මෙවර රන් පදක්කමට හිමිකම් කියමින්ය.

අවසන් පූර්ව වටයේ දී ශාන්ත තෝමස් පිල හමුවේ ත්‍රිත්ව විදුහල ද විද්‍යාර්ථ පිල හමුවේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල ද පරාජය ලැබීය.

ජනාධිපති බාලිකාවන් සහ ශුද්ධ වූ පවුලේ බාලිකාවන් අතර පැවති තීරණාත්මක හාලිකා අවසාන තරගය ගෝල් 02 – 01 ක් ලෙස ජය ගැනීමට නාවල ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් පූර්ව වටයේ දී ජනාධිපති බාලිකාවන් හමුවේ ගාල්ල සවුත්ලන්ඩ් විදුහල ද ශුද්ධ වූ පවුලේ බාලිකාවන් හමුවේ මියුසියස් විදුහල ද පරාජය ලැබීය.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටී කෘත්‍රිම ක්‍රීඩාංගණ, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියට කොළඹ, කලුතර, මාතලේ, මහනුවර, බදුල්ල, මොනරාගල, පුත්තලම, කුරුණෑගල, කිලිනොච්චිය, යාපනය, අනුරාධපුර, අම්පාර, මඩකලපුව ගාල්ල සහ මාතර

යන දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පාසල් සුදුසුකම් ලබා තිබිණි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක හොකී රන් පදක්කම තෙවතාවක් දිනා ගෙන ඇති ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල උතුරෙන් පැමිණී යාපනය විදුහල හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස පරාජය ලැබීම ද මෙවර කැපී පෙණුනි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හොකී අවසාන තරග ද්විත්වය නිල් පැහැ කෘත්‍රිම ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබීම ද මෙවර කැපී පෙණුනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය ගේ සහ කොළඹ රාජකීය විදුහල්පති අතුල විජේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ සමාප්ත උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ප්‍රභාත් ඉන්දික මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.තරගාවලියේ සම්බන්ධීකාරක සහ තාක්ෂණික නිලධාරී ලෙස,ජාතික කණ්ඩායම නියෝජනය කර අත්දැකීම් ඇති සහ ජාතික කණ්ඩායම් පුහුණුකරු ලෙස ද කටයුතු කර හැකියාවන් පෙන්වා ඇති,අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු හොකී ප්‍රවීනයෙකු වන අනුරුද්ධ හේරත් බණ්ඩාර කටයුතු කළ අතර එම වගකීම ඔහු විසින් ඉටු කළ ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඔහුට හොකී ක්‍රීඩාව ඇති පාසලක සිය වෘත්තිය කර ගෙන යාම පවරා නැති බව ද සැළ වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...