එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එංගලන්තයේ සසෙක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන්, එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාරයන්ද සිදු කරන බවයි . එංගලන්ත රජය එම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් පල්ලියේ ඉදිරිපස දොරටුවට සහ මෝටර් රථයකට හානි සිදු වී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කම්පන සහගත ප්‍රහාරයෙන් එරට බැතිමතුන් දැඩි ශෝකයට පත්ව ඇති බවයි.

එම ප්‍රහාරය හේතුවෙන් ජනතාව අතර බෙදීම් ඇති කර නොගත යුතු බව , එංගලන්ත ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් පවසයි. සසෙක්ස් පොලිසිය පවසන්නේ, එම ගිනිතැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය කරන බවයි .

කෙසේ වෙතත් මේ වන විට ප්‍රහාරය සිදු කල බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පල්ලියේ ස්වේච්ඡා සේවකයෙකු පවසා ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, එය අගුළු දමා තිබූ බවයි.

ඉන්පසු ඔවුන් දොරටුවට සහ පිටත නවතා තිබූ මෝටර් රථයක් අසල දියරයක් වත් කර, ගිනි තැබූ බවයි එම සේවකයා පවසා ඇත්තේ. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් එම ප්‍රහාරය හෙළා දුටු අතර, වෛරය “නැවත වරක් ඉහළ යමින් පවතින බවටත්, බි්‍රතාන්‍යය එය නැවත වරක් පරාජය කළ යුතු” බවටත් ඔහු අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...