පැමිණිලි වලින් පිරීගිය පොලිස්පතිගේ WhatsApp අංකය:පැමිණිලි සංඛ්‍යාව 8,000  ඉක්මවයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :

පසුගියදා, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම WhatsApp අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8,000  ඉක්මවා ඇති බවයි සඳහන් වන අතර,එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසු විපරම් කරන බව පොලීසිය සඳහන් කරයි.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් 071- 8598888 යන WhatsApp අංකය හඳුන්වාදීම සිදු කළ අතර, වෙතත් එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලීසියට අදාළ ඒවා නොවන බවපොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

එබැවින්, පැමිණිලි යොමු කිරීමේදි පොලීසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.