ප්‍රසාද්ගේ ක්‍රීඩා වේදිකාවට ගොඩ වී කතා කරමු!

0
224

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 08 කොළඹ LNW:

විපක්ෂය කියන කිසි දෙයක් අපිට අවශ්‍යය නැහැ කියලා ක්‍රීඩා අමාත්‍යවරයා හිතන්න පුළුවන්.මාධ්‍ය කියන දේ අවශ්‍යය නැහැ වැඩ කරන්න දන්නවා කියලා එතුමා මාධයවලට කිව්වෙ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයත් ළඟින් ඉන්දගෙන ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයගෙත් මුණ රතු කරගෙන.මොකද නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩා මාධ්‍යකරුවන්ගෙ වගකීම සහ හැකියාව හොඳින් අත්විදපු,එහි හොද නරක දෙකම දන්න කෙනෙක් නිසා.


මේ ඉතිහාසයට ඈදුණ කතාව සිහිපත් කළේ තහනම් උත්තේජන සම්බන්ධයෙන් ඇදිලා ආපු පාර්ලිමේන්තු කතා අස්සෙ ප්‍රසාද් සිරිවර්ධන ගෙනාපු යෝජනා අප මීට කලෙකට පෙර සිට ඉදිරිපත් කරන කරුණු මෙන්ම සුගත් සහ ප්‍රසාද් කියපු දේ අතරත් තියෙන සම්බන්ධතාවය දැකලයි.


මේ කාරණාවන් ක්‍රීඩා අමාත්‍යවරයාට සංවේදී වෙයිද කියන කාරණය තියෙන්නෙ දුර තැනක.කලා සංගමයක් සකස් කරගෙන ගීත ගායනා කරමින් ඉහළ රස වින්දනයක් සහිතව ආන්නදය මනෙම් ප්‍රඥාව ද බෙදා හැරීමේ ක්‍රියාවලිය දක්ෂ අන්දමින් කිරීම සහ රටක සමස්ත පුරවැසියාගේ දක්ෂතාවයට පමණක් නොව නිරෝගීතාවයටද වැදගත් වන අයුරෙන් ක්‍රීඩාව භාවිතා කිරීම අතර තියෙන පරතරයද දුරයි.


අප තවමත් ආණ්ඩුව නොකියන ඉන්දිය අගමැති පැමිණි මොහොතේ අත්සන් තැබූ ගිවිසුම් අස්සෙ ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයත් චාන්ස් එකක් දෙනවා මෝඩිගේ අත අල්ලලා හායි කියලා එන්න.ඉන්දියාව දැන් ඉන්නෙ ඔලිම්පික් සිහිනයක.හැමෝම එක්ක පැටලිලි දාගෙන කළාපයෙ මිත්‍රයා හැටියට ඉන්දියාවෙ ඔලිම්පික් කැම්පේන් එකේ හිටගන්න ඉන්න කෙනා තමයි ශ්‍රී ලංකාව. මේ රාජ්‍ය තාන්ත්‍රිකව වැදගත්වන ක්‍රීඩාවට වැදගත් කොටස පාවිච්චියට අරගෙන හායි කියලා සතුටු වෙන්නෙ නැතුව ශ්‍රී ලංකාවට කතා කරන්න තිබුණ වැදගත්ම දේ තමයි උත්තේජන පරික්ෂාවට සුදුසු විද්‍යාගාරයක් ඉල්ලා සිටීම.අදටත් ඒකට පිට්ටනිය විවෘතයි.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ ගැන හිතන එකක් නැහැ සංකල්පය අපට පහළවීම එතුමාගේ දේශපාලනයට හෝ එතුමාට අදාළ නොවන නිසා.


නිකමට සිංගප්පූරුවට හෝ ඉන්දියාවට පරික්ෂා කිරීමේ සාම්පලයක් යොමු කිරීමට කෙතරම් මුදලක් වැය වෙනවාද යන්න ගණන් හදා බලන්න.ඒ තත්ත්වය නැති කර ගැනීමට අවශ්‍යය කරන ආයතනය ස්ථාපිත කිරීමට උපකාරයක් ගන්න ඉන්දියාව දෙසට හැරිම ඉතාම වැදගත් වෙනු ඇති.එයින් තවත් කළාපීය එවැනි පහසුකම් නැති රටවල සාම්පල පරික්ෂාවෙන් ආදායමක් උපයා ගන්නටත් අවස්ථාව උදා කරගත හැකියි.දැනට සාම්පල යවන ක්‍රමය සැක සහිතයි යන්න කවුරුන් හෝ පැවසුවොත් ජාත්‍යන්තර තමනම් උත්තේජන ආයකවයට එය සළකා බලන්න වෙනවා.මන්ද එම සාම්පල යවන අති ආරක්ෂිත බව කියන බෙලෙන්ජර් නම් බෝතලය එසේ නොවන බව ලංකාවෙන්ම් ඔප්පු කරපු අවස්ථාවක් අත්දැකීම් හැටියට ජාත්‍යන්තර උත්තේජන මර්ධනායතනයට තිබෙන නිසා.


ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නෙ ක්‍රීඩාව දිහා සෙල්ලමක් දිහා බලන විදිහට ආයතනයක්.සෙල්ලමට වඩා ක්‍රීඩාව බරයි.ඒක විද්‍යාත්මකයි.අද ක්‍රීඩාවෙ දියුණුවෙ වැඩි කොටස ඇඟවල් හරහා දැක්කත්,ඒවා සම්බන්ධ සිද්ධාන්ත සහ රීතීන් නිර්මාණය වන්නේ පරීක්ෂණාගාර ඇතුළෙ තමයි.ප්‍රසාද් සිරිවර්ධන මංත්‍රීවරයා කියපු කතාව එතනදි හරි.හොඳම උදාහරණය මේ මොහොතෙ ඇමෙරිකාව නියෝජනය කරන හිටපු ජාතික මේස පන්දු සූර තිළිණ පියදාසගේ දියණියන් දෙදෙනා.තිළිණලා අඛණ්ඩව මේ රටේ ජාතික සූරයා හැටියට කටයුතු කරද්දිත් ඔවුන්ට නොලැබුණ පහසුකම් සහ නිදහසක් මේ පුංචි දියණියන් දෙදෙනා විඳිනවා.ඔවුන්ට ක්‍රීඩාව සහ අධ්‍යාපනය පමණක් වූ ජීවිතයකට සමාජය ඉඩ සකස් කරලා තියෙනවා.


ඒත් ලංකාවෙ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් බැරි වෙනවා ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනාපු ශිවන්ති කුමාරි රත්නායක වැනි ක්‍රිඩිකාවකගේ ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඇයගේ විශ්ව විද්‍යාලය මාරු කරලා දෙන්න.(ඇය ක්‍රිඩාවත් අත ඇරලා ලංකාවත් අත ඇරලා මේ වන විට).ඒ වන විට හිටිය මහාචාර්ය මොහාන් විජේසිංහ ක්‍රීඩාව සහ අධ්‍යාපනය අතර පාහන්න බැරි දුරක් තියෙන බව දැකපු බව ඒ සාකච්ඡා ඇතුළෙ තේරුණ දෙයක්.ක්‍රීඩාව වෙනුවෙන් උසස් අධ්‍යාපනය නැත්නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇතුළෙ වෙනස්කම් කරන්න අවශ්‍යය නැති බව සහ ක්‍රීඩාව වෙනුවෙන් එවැනි ආයතනික ප්‍රතිපත්ති නොනැමිය යුතු බව එවකට එහි අදහස වුණා.


ඉන් පසුව මහාචාර්ය සම්පත් අමරතුංග යටතේනම් ඒ තත්ත්වය නොතිබෙන්න ඇති බව විශ්වාස කරන්නේ ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජ අංශයේ ප්‍රධානියාව සහ ක්‍රීඩා අංශයේ තනතුරක නියැලෙද්දී මා විසින් ලියූ සටහනක් පාදක කරගෙන,මට කතා කර හමු වී එහි මලල ක්‍රීඩාව කළ සිසුවියකට පෝෂණ ශිෂ්‍යත්වයක් දිමට ඉදිරිපත් වූ නිසයි.දැන් තත්ත්වය ද කියන්නට දන්නේ නැහැ.
මේ තත්ත්වය පුද්ගලයා මත රැකෙන එකක් නොවී ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට යම් ආකාරයකට ඔහු විශ්වාස කරන සුදුසු තැනෙක අධ්‍යාපනය ලබා ගැනීමට හැකි පරිදි සකස් විය යුතු වෙනවා.දැනට විශ්ව විද්‍යාලවලත් ක්‍රීඩා උපාධිය ලෙස ලැබෙන්නේ දේශණවලට අනිවාර්යෙන් සහභාගි වීම මතයි.ක්‍රීඩකයාගේ පුහුණු සැළසුම් අනුව නොවන දේශණ සැළසුම් අනුව කතිකාචාර්යවරුන්ට පහසු වෙලාවන් අනුව සැකසෙන ඉගැන්වීමේ ක්‍රියාවලියකටයි.


ඒ නිසා ජාතික මට්ටමෙන් හොඳ දක්ෂතා නඩත්තු කරන්න උත්සාහ කරන ක්‍රීඩකයින්ට දේශකයන් වීම දක්වා ඉහළ යාමට නොලැබෙන අතර හොඳටම දේශණවලට සහභාගි වි කොළවල උත්තර අතුරපු අය ඊ ළඟ පරපුරට ක්‍රිඩාවේ විද්‍යාව සමඟ දැණුම උගන්වන පිරිස බවට පත් වෙනවා.මේ නිසා ප්‍රසාද් කියපු විශ්ව විද්‍යාල අවශ්‍යයතාවය වෙනම තෝරා පොළව මත පැළ කිරීම අවශ්‍යය වෙනවා.
එසේම ප්‍රසාද් සිරිවර්ධන සටන්කලා ක්‍රීඩාවක ජාත්‍යන්තර තරගාවලියක් අත හැරෙන කතාවක් ද දිග හරිනවා.ඒ තමයි ඔහු කියපු පරිදිම එම ක්‍රීඩාව ගැන ඔහු නොදන්නා පරිදිම ක්‍රීඩාව ගැන ලංකාවේ පාර්ලිමේන්තුවට එච්චර දැණුමක් නැහැ කියන කාරණය ඔප්පු වෙන කරුණ.මේ විදිහට සටන් කලාවන්වල එක එක නිකායන් සහ ශෙලීන් අතර තිබෙන වෙනස්කම් සමඟ බෙදුණු කොටස් ඉල්ලන සියළුම ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව දීම වෙන්නෙත් දේශපාලන හිතවත්කම් මත.ඒ නිසා හතු පිපෙනාකාරයට සිඳුවන නිකායන් පෝෂණය කිරීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස වැළකෙනවානම් වැදගත්.


එසේ නොවී ජාත්‍යන්තර තරගාවලි දෙකකදි බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් සුගතදාස ක්‍රීඩාංගණය එම ජාතික සංගමයට සහනයක් දීම වෙනුවට විදේශ ක්‍රීඩකයින් සහභාගි වෙන බව කියමින් සාමාන්‍ය මට්ටමටත් වඩා මුදලක් ඉල්ලා සිටීම නිසා එම තරගාවලි සුගතදාසයට අහිමි වුණා.රටට විදේශ විනිමය ගෙන එන මොහොතක,සුගතදාසයත් වෙනත් ජාතියක නියෝජනය දැක තමන්ගේ පසුම්බියද පුරවා ගන්න උත්සාහ කිරීම වැරදියි.ඒ ගැන ප්‍රසාද් සිරිවර්ධන හෝ කිසිවෙකු පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ.


ඒ වගේම වීසා සම්බන්ධයෙන් අමාත්‍යංශයේ හැසිරීම වේගවත් කරන්න වැඩ පිළිවෙලක් අවශ්‍යය වෙනවා.විදේශ කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව ඒකකයක් හෝ නිලධාරින් දෙදෙනෙක්වත් මේ සඳහා යෙදවිය යුතුයි.දැන් අමාත්‍යංශය දින 21 ට පෙර ඉදිරිපත් කරන්න කියන කාරණය ප්‍රායෝගික නැත.සමහර ක්‍රීඩා තේරීම් සඳහා අවසාන තත්පරය වෙනතුරුම ප්‍රයෝජන ගත යුතු වෙනවා.ඒ නිසා රට නියෝජනය කර විදේශ තරගයක සහභාගි වෙන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සාමාන්‍ය වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියට හෝ ඒ ලබා දෙන දින ගණනට යටත් නොවන වේගවත් ක්‍රියාවලියක් අවශ්‍යය වෙනවා.රජය පැත්තෙන් එය සම්බන්ධිකරණය කිරීමට ඒකකයක් හෝ නිලධාරීන් කිහිප දෙනෙකු අවශ්‍යය කරනවා.මේ තත්ත්වයත් අප මීට පෙර සිටම පෙන්වා දුන්නත්,ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා ෆේල් කියා ලියූ මාධ්‍යවේදියෙකු තමන් සමත් බව ලියන තුරු අමාත්‍යංශයේ මාධය හමුවලට කැඳවන්නේ නැති බව කියන අමාත්‍යවරයෙකු කවුුරුන් හෝ පෙන්වා දෙන කරුණු පිළිගනු ඇත්දැයි සැකයි.


අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා පත් කර ගත් පුද්ගලයින් තමන්ගේ ඉලක්ක පෞද්ගලිකව තබාගෙන වැඩ කරනු විනා පොදුවේ මේ රටේ ක්‍රීඩාව ගැන අදහසකින් වැඩ කරන්නේ නැහැ.එසේ පොදු දැක්මක් ඇතිව වැඩට ආ අය එසේ නොවන තැන් හී ඉවත්ව යනවා.
රුපියල් 10000 ක කතාවක් පෝෂණය වෙනුවෙන් ලබා දීමක් ගැන ප්‍රසාද් සිරිවර්ධන පැවසුවා.එයනම් ඇත්තටම අවුරුදු 76 ක් පැවති බාල වර්ගයේ සැළසුමක්.මේ ජීවිත සතුටෙන් තැබීමේ සිටම භාර ගැනීමක් වගකිවයුතු පාර්ශව විසින් සිඳු කළ යුතුයි.ඩයන් ගෝමස් ඒ දේ මාස් බොක්සිං ටීම් එක හරහා කරනු ලැබුවා.අනුරුද්ධ රත්නායකගේ ඔලිම්පික් ගමන අවස්ථාවේ ඔහු ක්‍රීඩාව වෙතම රඳවා ගැනීම සඳහා ඔහුගේ වෙනත් කටයුතු වෙනුවෙන් කරනු ලැබූ මැදිහත්වීම ඊට හොඳම උදාහරණයක්.


ත්‍රිවිධ හමුදාවන්ට බැඳී මලල ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ ජීවිත බොහෝ ප්‍රමාණයක් සුගත් තිලකරත්න දන්නවා.ඔවුන් දරුවන් හදා ගැනීම සහ විවාහය අසීමිත ලෙස පමා කරනවා.දරුවන් නැති ගැහැණුන් බවට පත්වන්නේ වයසට යාම වැනි කරුණු හරහායි.සමහර අය දරුවෙකු වෙනුවෙන් විශාල වෙහෙසක් ප්‍රථිකාර ලබා ගන්නවා.මේවා ඉතාමත් සංවේදී කාරණාවන්.සුගත් වැනි කෙනෙකු මිස මේ කාරණාවන් ගැන අවධානය යොමු කළ හැකි අයෙකු වෙන නැහැ.කෙනෙකු කැමත්තෙන් දරුවන් වදන්නේ නැතිනම් ඒ ගැන කිසිඳු ගැටළුවක් විවේචනයක් නැහැ.ඒත් අම්මා කෙනෙක් වෙන්න ආසාව ඇතිව එය ක්‍රීඩාව වෙනුවෙන් පමා කිරිම නිසා අම්මා කෙනෙක් වෙන් නොහැකි වෙන සහ ඒ වෙනුවෙන් දුක් විඳින අයගේ කතා සුගත් හොඳටම දන්නවා.ඒ නිසා මේ ක්‍රීඩා විශ්ව විද්‍යාලය සහ වෘත්තීය ජීවිතය කියන දේ ක්‍රීඩකයාට වඩා ගරුසරු අතමිට පිරෙන විදිහට ලැබෙන්න අවශ්‍යය බව ඇත්තක්.


උදාහරණයකට ආදිවාසී රත්නපාල ක්‍රීඩකයා ජාතික ක්‍රීඩා උළෙල දෙකක මැරතන් සූරයා.දැන් විශාල කාලයක සිට ඔහු මැරතන් පාවහන් දෙකක් මිලදී ගන්න ක්‍රමයක් නැතුව දුක් විඳිනවා.දරු දෙදෙනෙකුගේ පියෙක් වෙන ඔහුට දරුවො දෙන්නෙක් හදාගත්තෙ නැත්නම් එච්චර වියදමක් යන්නෙ නැහැනෙ යනුවෙන් ඒ ගැන කතා කරපු අවස්ථාවක ක්‍රීඩාවෙ ප්‍රවීනයෙක් පැවසුවා.ඒක බරපතල විවේචනයක් විදිහට කියූ දෙයක් නොවේ.උපකාර කිරීමට අයෙකු සොයනාතරේ කියපු කතාවක්.ඒත් මේකෙන් පැහැදිළි වෙන්නේ තමන්ගේ මානුසීය සංවේදී කළාප තලා පොඩි කරමින් ක්‍රීඩාවේ නියැලිය යුතුය යන හැඟීමක් තිබෙන බවයි.මෙන්න මේ මාතෘත්වය සහ පීතෘත්වයට පවා හානි කරන තත්ත්වයන් වෙනුවට ඒ සංවේදි කාරණාවන් ජීවිතය වෙනුවෙන් ඉටු කර ගන්නා අතරේ ගෞරවණීය විදිහට ක්‍රීඩාවේ යෙදෙන්න පසුබිමක් සැකසිය යුතුයි.
මෙන්න මේ තත්ත්වය තියාගන්න,ජාතික සංචිතයෙ ඉන්න,ඒ ලැබෙන විටමින් එක,රුපියල් 10000 නම් ඒ පෝෂණ දිමනාව ගන්න වැරදි ක්‍රම ඔස්සේ ජයග්‍රහණ හොයන්න වෙන්නෙ 10000 කියන්නෙ මහමෙරක් තරමට ජීවිතයට දැනෙන නිසයි.ඒ ගැනත් ඔය උත්තේජන භාවිතයට යොමු වෙන පිරිස සම්බන්ධයෙන් හිතද්දි අමතක කරන්න බැහැ.


මේ කාරණාවන් අතිශයින් වැදගත්.සමහර දේවල් කරුණු හැටියට ලංකා පුවත්පත හරහා මීට වසර කිහිපයකට පෙරත් මතු කරලා තියෙනවා.එහෙත් ඒවා ගැන අවධානයක් එහිම ආර්ථික කොළම ලියූ අමාත්‍යවරයාට නැත්තේ ඔහු ක්‍රීඩා පිටුව ගැන අවධානයෙන් නොසිටිය නිසා විය යුතුයි.ඒ නිසා ප්‍රසාද් හදපු වේදිකාව ඔහු නොදැන් කියූ අතැම් කාරණා නොසළකා හැරියාට පසුව ඉතා වටිනා එකක්.එතැන ඉදලා ලංකාවේ ක්‍රීඩකයාගේ වෘත්තිමය තත්ත්වය සහ ජයග්‍රහණ සඳහා වන කාර්යභාරය සඳහා ගමන් කිරීම ඇරඹිය හැකියි.