මොරටුවට නව ආලෝකයක්: Ramadia Grand විවෘත වෙයි..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ලෙසින් මොරටුව ප්‍රදේශය නව සංචාරක කේන්ද්‍රයක් කරමින් ඇරඹුණු Ramadia Grand සුඛෝපභෝගී හෝටලය උත්සවාකාරයෙන් විවෘත වූ බව වාර්තා වේ.

මෙමඟින් මොරටුව සහ පානදුර ප්‍රදේශයන්හි නව රැකියා අවස්ථා සියයකට වඩා ප්‍රමාණයක් බිහිවනු ඇති .

රොඩේෂා සමූහ ව්‍යාපාරයේ නව ව්‍යාපාරික අංගයක් ලෙසින් එකතු වූ මෙම නවීන හෝටල් පරිර්‍ශය සු‌ඛෝපභෝගී කාමර 40 කට වඩා වැඩි ප්‍රමාණයක් , අමුත්තන් දහසකට වඩා එකවර අසුන්ගත හැකි ලංකාවේ උසම උත්සව ශාලාවක්ද වේ.

තවද ආකාර්ශණීය ලෙස එකවර බොල්ගොඩ නදිය සහ ඉන්දියන් සාගරයේ දර්ශන දකින්නට හැකි rooftop අවන්හලකින් සමන්විත අතර , පහත මාලයේ ද තවත් අවන්හලක් ඊට අයත් වන බව දැක්වේ.

මොරටුව ප්‍රදේශයේ නව සංචාරක කේනර්‍දයක් කරමින් ඇරඹුණු Ramadia Grand සුඛෝපභෝගී හෝටලය දේශීය විදේශීය සංචාරකයන්ගේ නැවුම් ගමනාන්තයක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...