මියන්මාරයේ රාජ්‍ය විරෝධී විරෝධතාවයකට එල්ල කරන ලද හමුදා බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම මියන්මාරයේ ඊයේ(08)දිනයේදී පැවති රාජ්‍ය විරෝධී විරෝධතාවයකට එරට හමුදාව විසින් එල්ල කරන ලද පැරග්ලයිඩර් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

රටේ විශාලතම බෞද්ධ නිවාඩු දිනය වන තඩින්යුට් උත්සවය සැමරීමේ උත්සවයක් අතරතුර වින්දිතයින් හමුදා පාලනයට එරෙහිව වාඩිලාගනිමින් මෙම විරෝධතාවය පවත්වමින් සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

2021 දී ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් අවුන්සාන් සුකීගෙන් එරට හමුදාව රාජ්‍ය බලය උදුරා ගැනීමත් සමඟ මියන්මාරය සන්නද්ධ ගැටුමකින් ගිලී ඇති අතර නගරය යුද්ධයේ ප්‍රධාන සටන් බිමක් වී ඇත. 2021 සිට මියන්මාරය පුරා 600,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, මිලියන තුනකට අධික පිරිසකට මානුෂීය ආධාර දැඩි ලෙස අවශ්‍ය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...