2025 රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ අඩුවෙලා ?

Date:

රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි.

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යාපාර වලින් භාණ්ඩාගාරයට ලැබුණු ලාබ වගේම ලාභාංශත් පසුගිය අවුරුද්දට වඩා විශාල ලෙස අඩු වෙලයි තියෙන්නේ.

ලාභ (ආදායම් කේතය 2002.03.00):

2025 පළමු මාස හය: රුපියල් 10,666,895,062

2024 පළමු මාස හය: රුපියල් 12,936,599,810

අඩු වීම: 17.5%

ලාභාංශ (ආදායම් කේතය 2002.04.00):

2025 පළමු මාස හය: රුපියල් 1,540,338,315

2024 පළමු මාස හය: රුපියල් 1,970,635,715

අඩු වීම: 21.8%

ඒ වගේම, මම දන්නා තරමින් රාජ්‍ය ආයතන වල ලාභ හා ලාභාංශ භාණ්ඩාගාරයට යවන එක සාමාන්‍යයෙන් උත්සවශ්‍රීයෙන් කරන දෙයක් නෙමෙයි. එසේ කළ යුතු දෙයකුත් නෙමෙයි. මේවා පරිගණකයක යතුරු පුවරුව ඔබලා කරන්න පුළුවන් සරල වැඩ.

“ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුනු අය රාජ්‍ය ව්‍යාපාර කළාම ඒවා විනාශ වෙනවා” කියලත් කියලා තියෙනවා. හේතුව ඕකනම්, එහෙම විනාශ වෙන රාජ්‍ය ව්‍යාපාර මොනවද කියලා හොයා ගන්න එකයි දැන් කරන්න තියෙන්නේ.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...