ජනපතිගේ ඉල්ලීමට අගමැති එකඟවෙයි. මහබැංකු අධිපතිගේ සේවා දිගුවට අනුමැතිය

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේදී ජනාධිපති ලේකම්වරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව දුරකථනයෙන් අමතා ඇති අතර නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීමට අදාළ ලිපිය තවමත් එවා නොමැත්තේ මන්දැයි විමසීමක් කර ඇත. එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා වහාම අග්‍රාමාත්‍යවරයාත් සමග සාකච්ඡා කර පැයක් තුළ ආපසු ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ අදාළ සේවා දීර්ඝ කිරීමේ ලිපිය අද (24) දිනයේදී එවන බවකි.

ඒ අනුව නන්දලාල් වීරසිංහ මහතා 2022 ජුලි මාසයේ සිට වසර 6ක කාලසීමාවක් සඳහා මහබැංකු අධිපතිවරයා වශයෙන් යළි පත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...