නිශ්මං රණසිංහ ඔක්තෝබර් 11, කොළඹ LNW:
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිතිකරණ තරු වෙනස් වෙනස් වෙන තරගාවලියක්.බොහෝ විට නම් දරපු පිතිකාරිණියන් බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් හොඳින් නිරීක්ෂණය කරලා පිටියට එන ප්‍රතිවාදීන් තමක්ගේ ඉලක්ක සපුරා ගත්තට,බලාපොරොත්තු නැති අභියෝග මැද පෙළින් මතුව තරගයම වෙනස් කරනවා.අංක 8 දක්වා පිතිකරු නාමාවලියක් දක්ෂ කණ්ඩායම් මේ තරගාවලිය සඳහා සූදානම් කරගෙන සහ ඒ පහළට වෙන්න තිබෙන අංකවල ක්‍රීඩා කරන පිතිකාරිණියන් හොඳින් ඒ සඳහා සූදානම් කර තිබෙන බව දකින්න පුළුවන්.ඉන්දියාව වැනි රටක අංක 9 ට එන ස්නේහා රාණිත් මෙවර තරගාවලිය ඇතුළෙ පිත්තෙන් වෙනස්කම් පෙන්නිය හැකි මට්ටමේ ඉන්නවා.
මේ තත්ත්වය සහ ශ්‍රී ලංකාව ගැලපෙන්නේ කොහොමද?
චමරි,හසිනි,හර්ෂිතා,විශ්මි,කවීශා,නිලක්ෂිකා සහ අනුෂ්කාගෙන් පසුව විශ්වාසය තබා ගන්නට බැහැ.එක අංකයක අඩුවක් මේ නම් හත එක්ක දකින්න ලැබෙනවා.එතකොට අටවන නම වෙන්න ඕනි කවුද කියන ප්‍රශ්නය තුළ අප දකින් විසඳුම හැටියට පෙනෙන්න ඇත්තේ දෙව්මි විහංඟායි.වේගයෙන් පහර දෙන්න හැකි විහංඟා එක දිගට සිය හැකියාව දියවෙන් හරිමින් පිතිකරණයට සුදුසු පරිදි සිය පාද චලකයට ගැලපෙන පරිදි තම ශරීරය සකස් කර නොගන්නේ මන්ද කියන කාරණය ගැටළුවක්.ඒ වගේම ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරලා ඇයව පාලනය කිරීම පරිපාලනයද භාරගත යුතු වෙනවා.
කෙසේ නමුත් මේ ප්‍රහාරිකාව සිය දඟ පන්දුවෙන්නම් ලැබුණු අවස්ථාවන් හී වැඩ පෙන්නා තිබෙනවා.ඇයට පිතිකාරිණියක් හැටියට ක්‍රීඩා කිරීමට හැකි බවට අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර පිටියේ දැක් වූ දස්කම් ගැන විශ්වාසයක්ද ඇතුව කණ්ඩායමේ 11 අතර දෙව්මි ඉහළින්ම තැබිය හැකියි.උත්සාහ කර බැලිය හැකියි.
එංගලන්තයට එරෙහිව තරගය පහසු නැහැ.ඒත් ජයගන්න නොහැකි තරගයක් නෙමෙයි.මෙවර තරගාවලිය පුරාම දකින්න ලැබෙන නරක තත්ත්වය බලපාන්නේ බොහෝ වෙිවට පන්දුවට පහර දෙන්නියන්ටම තමයි.බංගලාදේශය නවසීලන්තයට ලෝක සූරතාවය හිමි කරගෙන සිටින කණ්ඩායම ලෙස මෙවර තරගාවලියේ පළමු ජය හිමි කර ගන්නට ඉඩ දුන්නත්,බංගලාදේශ පන්දු යවන්නියන් නවසීලන්තය පන්දු ඕවර් 50 තුළ කඩුලු 9 ට ලකුණු 227 ට සීමා කළා.එහෙත් එම පන්දු යවන්නියන් ඇති කළ යහපත් තත්ත්වය පරිස්සම් කරගන්න බංගලාදේශයට පහසු වූයේ නැහැ.පන්දු යවන්නියන් ඇති කර දෙන වාසිදායක තත්ත්වයන් කළමණාකරණය කර ගැනීමට බොහෝ කණ්ඩායම්වලට නොහැකිවීම සහ ඇතැම් ප්‍රබල කණ්ඩායම්වල දක්ෂ පිතිකාරිණියන් අඩු ලකුණුවලට දැවී යද්දී පසු පෙළින් පැමිණ ඉණිම ගොඩ නැඟීම මේ තරගාවලියේ අනන්‍යතාවයක් වන තරමට සිඳුවෙමින් පවතිනවා.
තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවට තිබුණ අවස්ථාව නැති කළෙත් ඉන්දියානු පසුපෙළයි.ඒ වගේම අපරාජිතව ඉදිරියට යන්න උත්සාහ කළ ඉන්දියාවට හරස් වුනේ ද දකුණු අප්‍රිකාවේ පසුපෙළ පිතිකාරිණියක වන නදිනි ඩි ක්ලාක් බවත් අමතක කළ නොහැකියි.
තවමත් ජයග්‍රහණයක් නැතුව සිටින ශ්‍රී ලංකාව අද මුහුණ දෙන්නේ මේ තරගාවලියේ දැවන්තම ජයග්‍රහණය ලබමින් දකුණු අප්‍රිකාව කඩුලු 10 න් පරාජය කළ එංගලන්තයයි.එහෙත් මේ වන විට දකුණු අප්‍රිකාවේ දස්කම් එම කඩුලු 10 ක පරාජය අත් කර ගත් කණ්ඩායමදැයි සිතිය නොහැකි තරමට වෙනස්ව තිබෙනවා.ඊට ප්‍රධානම හේතුව ඔවුන් මේ වන විට තරගාවලිය තුළ පන්දු රැකීමෙන් පෙන්වන විශ්මිත හැකියාවයි.අද තරගයේදී ශ්‍රී ලංකාව මේ මැරී ඉපදීමේ තත්ත්වයට ආ යුතු වෙනවා.ඉන්දියාව සමඟ තරගයේදී පරාජයට හේතු වූ පන්දු රැකීමේ දර්වලතාවය සහ දුබලකම සපුරා මරා,අලුත් දක්ෂයෙකු සේ පන්දු රැකීමෙන් නැඟී සිටිය යුතු වෙනවා.ඒ නිසා අද දවසේ පළමු තත්පරයේ සිට අනෙකා තුළ ගොඩ නංවන පීඩනයත් සමඟ කටයුතු කරන්නට ශ්‍රී ලංකාව සමත් විය යුතු වෙනවා.වෘත්තීය මට්ටමෙන් ඉහළ තැනෙක තිබෙන ක්‍රිකට් සංස්කෘතියක් හිමි එංගලන්තය පරාජය කිරීම පහසු නැති බව ඇත්තක් වුවත් ශ්‍රී ලංකාවට එය කළ හැකියි.කර තිබෙන දෙයක් බවත් සිහි තබා ගෙන අද දවසේ එම ජයග්‍රහණය උදෙසා තමන්ගේ පොළවේ කරන සටන වෙනුවෙන් ලාංකිකයන් වෙනුවෙන් සහයෝගය දක්වන්න මේ අවස්ථාවට ඇතුළු වෙන්න ලාංකේය ප්‍රේක්ෂකයන්ට නොමිලේ විවර කර ඇති දොරටුවලින් ආදරයත් පිරෙන්නම ගැලිය යුතුයි.

