ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම් මිස අදෝනා නොවෙයි – සජිත් (VIDEO)

Date:

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාශ කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගැ නීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන ඇත්තන්ට ජන දුක පිළිබඳව පිළිබඳව කිසිදු වගක් නැති බව ද පැවසීය.

ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය නිමිතිකොටගෙන “සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුවිය.

සමගි ජන බලවේගයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය ඇප කැප වෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුවකින් මිනිස්සු බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස කරන්නට බැරි අඳෝනාවන් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,නමුත් දෙවසරක ආණ්ඩුව යටතේ අද ජනතාවට උරුම වී ඇත්තේ දේශපාලන රංගන පමණක් බවද පැවසීය.

දෙකොන දැල්වෙන විලක්කුවක් සේ යුද්ධ දෙකක් තිබූ රටක් භාරගත් රණසිංහ ප්‍රේමදාස මහතා එදා නොහැකියාව සහ බැරිකම ගැන කියමින් නොසිට වැඩ කළ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

වැඩ බැරිකම ගැන අඳෝනා නොකියූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඩ කරන හැටි පෙන්නු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන බවකියා බලය ලබාගත් පාලකයින් රටම ඛේදවාචකයකට තල්ලු වී තිබියදීත් පොදු ජනතාව පෝලිම් වල ලතවෙමින් සිටියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ දුකට මුවා වී හෝ තමන්ගේ මඩිය තරකර ගැනීම බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...