රග්බි බහිරවයෝ ගැන සහ ගේම් ගැනත් අවලාද නඟන මඩ ගසන මාධ්‍ය ගැනත් ක්‍රීඩා ඇමති කතා කරයි

0
272

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 11, කොළඹ LNW

ආසියානු රග්බි සෙවන්ත් තරගාවලියේ මාධ්‍ය හමුව පුරාම ක්‍රීඩා අමාත්‍යවරයා වැය කළේ නිලවරණය පවත්වා ගැනීමට සහ තමන්ට වඩා වෙනස් මතයක් දැරූ අයට අභියෝගාත්මකව කතා කිරීමටය.


ගේම් කාරයේ සහ රග්බි බහිරවයෝ ගැන ද අමාත්‍යවරයා කීවේය.පවුම් 50000 ක් අහිමි කළ කතාව හැබැයි අමාත්‍යවරයාට අමතක වී තිබිණ.ගේම් සහ බහිරවයන් ගැන කියද්දි එතුමා විසින් සංවිධානය කරන්නට ශක්තිය දුන් නවසීලන්ත කණ්ඩායම සමඟ වන තරගාවලියේ ගිණුම් ගැන ඇති වී තිබෙන තත්ත්වයද කියා එවැනි සැකයක් ඇති නොවන්නට නිවැරදිම පුද්ගලයන් පත් කරනරන්නට පවිත්‍රට කී බව කිව්වේද නැත.මුලින්ම නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ කියූ පවුම් 50000 රටට අහිමි කිරීමේ සිඳුවීමට හුවමාරු වූ විද්‍යුත් තැපැල් ලිපි යොමු වූ පදුගලයෙකු සමඟ නීතිපති දෙපාර්තමේන්තුවට ගිය බවද ඇමතිවරයා කියන්නේය.එම පවුම් 500 සිඳුවීම වෙද්දී සිටි නිලධාරීන්ද ඉහළින්ම අගයන්නේය.ඉහළින්ම අසුන් ගන්වා පිළිගන්නේය.


හැමදාම ඒ සිඳුවීමට සම්බන්ධ විරෝධය දැක් වූ මාධ්‍යයට මඩ ගසන බව සහ අවලාද නඟන බවද කීවේය.ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය නැතිවීමක් ගැන කියන්නේය.එතුමා නීතිපති දෙපාර්තමේන්තුවට නිතර ආ ගිය කෙනා ඇමතිවරයාට තමන් සභාපති වූයේ කුමන ක්‍රීඩා සමාජයක සිට ඉදිරිපත් වී ද යන කාරණය කියා දුන්නේනම් අමාත්‍යවරයාට ඒ කතාව ලිහා ගන්නට තිබිණ.


ඟඟ මැද සිටින්නේ දිප්පිටියාලය.බැස ගැඹුර බලන ලෙස අපි නැවත කියන්නෙමු.බහිරවයෝ සහ ගේම් කාරයේ ගැන අපි කිසිවක්ම නොකියමු.රාජපක්ෂකරණය වූ මෑත රග්බි ඉතිහාසය ගැන දන්නා අයට සහ ඊට සම්බන්ධිත පුද්ගලයන්ට අමාත්‍යවරයාගේ මේ කතාවට ඇහුං කං දෙන ලෙස ඒ නම් හොඳින් සිහිපත් කර ගන්නා ලෙස සහ මේ පිංතූරය හොඳින් කියවා ගන්නා ලෙසද කියන්නෙමු.
දැන් අපි එකක් දනිමු.ලංකාවේ රගර්වල බරපතලම සිදුවීම මේ රටට විදේශිකයන් යොදවා ක්‍රීඩා කර පවුම් 50000 අහිමි කිරිම නොවේය.අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී තමන්ට ඡන්දය දුන් ජනතාව පිනවීමට රාජපක්ෂලා හොරු යැයි කියන ලේබලය යටතේ කතා කරන්නට විහිළුවක් පමණි.
අප එස්එල් ස්පෝර්ට්ස්වලින් උපුටා ගත් පහත වීඩයෝව බලන්න සහ අහන්න කියා රගර් ඉතිහාසය දන්නා රගර් ප්‍රේමීන්ට අපි ආරාධනා කරන්නෙමු.


https://youtu.be/h46S_WUsOnk?si=FiQ-V7mxDFjcfZC7