නීතිඥවරයෙකුට පහර දුන් පොලිස් නිලධාරියා හෙට දිනය දක්වා රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :

ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයෙකුට පහර දුන් පොලිස් නිලධාරියා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි .

ඒ අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත.

පොලීසිය පැවසුවේ, සිද්ධිය වූ අවස්ථාවේ ගල්කිස්ස අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගත් බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ , ඒ අනුව මෙම සිද්ධියට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් මේ වන විට විමර්ශන සිදු කිරීම ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...