ස්කිවර්ගේ පිය සෙනෙහස

0
206

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 12, කොළඹ LNW:

විස්ඩන් සඟරාව මඟින් ද ලොව විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඇගයීම ලත් නැට් ස්කිවර් බ්‍රන්ට් ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන ලද අංග සම්පූර්ණ ශතකයෙන් පසුව,එහි උපහාරය පුද කළේ තමන්ගේ ආදරණිය පුතනුවන්ටය.එහෙත් එහි වෙනස ඇයගේ කැදැල්ල තුළ ඇය මව නොවීමය.මව වන්නේ කලක් එංගලන්තය වෙනුවෙන් විශාල සේවයක් කළ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන කැතරින් ස්කිවර් බ්‍රන්ට් ය..

මේ දෙදෙනා සමරිසි විවාහයකින් ඉනික්බිති දරුවෙකු සහිත දෙමවිපිය යුවලක් වීමේ සිහිනය දුටුවේය.නැට් ට තවම 33 ක් වුව කැතරින්ට 40 කි.ඒ නිසා මවක වීමේ අවශ්‍යයතාවය කැතරින්ට ඉටු කර ගැනීමට වයස ගැටළුවක් වේය යන ප්‍රශ්නය නිසා ඔවුන් දරුවෙකු අරං හදා ගැනීම ගැන ද සිහින දැක්කේය.එහෙත් අවසානයේ කැතරින්ගේ ගැබට සරිලන ශුක්‍ර ධාතු තැන්පතුවක් සිඳු විය.කැතරින් ගැබ් ගත්තාය.
දෙදෙනාම කාන්තාවන් වුව ද දැන් නැට් එම උපත ලද දරුවාගේ පිය භූමිකාව ඉටු කරන්නේය.තියදෝර් මයිකල් සකිවර් බ්‍රන්ට් නම් වූ එම දරුවා මෙලොවට බිහි කිරීම දක්වා ගැබතුළ දරා ගනිමින් ලේ කිරි කර පොවන කැතරින් මයිකල්ගේ මවය.


මේ ආදරය අමුතු වන්නේ එම දෙදෙනා සමරිසි විම නිසා නොවේය.ආදරයේ තරමින්ය.නැට් සතුව තිබුණු ස්කිවර් නාමයත්,කැතරින් සතුව තිබුණු බ්‍රන්ට් නාමයත් එකට එකතු කර දෙදෙනාම ස්කිවර් බ්‍රන්ට් වන්නේ විවාහයෙන් පසුවය.දියණු මානව සංස්කෘතියක තමන්ගේ සහකරුවආගමික සංස්ථා මඟි්ක හෝ වෙනත් සමාජ සංවිධාන මඟීන් වෙනත් පුද්ගලයන්ගේ කැමත්ත සහ විශ්වාස මත සිඳු විය යුතු බව විශ්වාස කරන්නේ නැතඒ නිසා ස්කිවර් බ්‍රන්ට් යුවළට කිසිඳු බාධාවක් නැත.ඔවුන් විවාහක යුවළක් සේ පිළිගන්නා අතරම ඔවුන්ගේ එම ජීවිතයට ආදරය ආශිර්වාදය නො‘අඩුව ලැබෙන්නේය.
දියුණු මිනිසුන් අනෙකාගේ දොර හිලෙන් එබෙන්නේ නැති තමන්ට මෙන්ම ආදරය ගැන ජීවිතය ගැන තීරණ ගැනීමට ස්වාධීන අයිතියක් නිදහසක් ඇති බව සිතන නිසා ස්කිවර් බ්‍රන්ට් යුවළට කාටවත් කරදරයක් බාධාවක් නොවන තමන්ගේ ජීවිතවල ඉලක්ක කරා යන්නට ස්විය ලිංගික නැමියාව බාධාවක් වී නැත.එය දියුණු ලෝකයක් ගැන කැටපතක්ය.


ඒ නිසා මේ දරුවා ඔවුන්ගේ කියා ඔවුන් ලෝකයටම කියා සතුටු වන්නට වාසනාවන්තය.ආර් ප්‍රේමදාස පිටියේදී පැවති තරගයේදී ශතකය ලබා ගැනීනේ ඉනික්බිතිව නැට් සිය පිත්ත දරුවෙකු නලවන ආකාරයට හරහට ගෙන දෙපසට පැද්දුවේ ලෝකයටම පෙනෙන්නටය.ඉනික්බිති ඒ ශතකයේ ගෞරවය හිමි වූ දරුවා දෙසටද නැට්ගේ සහකාරිය කැතරින් දෙසටද නැට්ගෙන් පසුව කැමරා කාච යොමු වන්නේය.


සමරිසි හෝ විෂම ලිංගික කියා බෙදා නොගත් ලෝකයක ආදරයට එකිනෙකාගේ කැමත්තට ගෞරවයෙන් බැඳෙන දෙදෙනෙකුගේ සුන්දරත්වය අපි නැට්ගෙන් සහ කැතරින්ගෙන් අත්විඳින්නට පෙර බොහොම ගෞරවයෙන් හිස නැමිය යුත්තේ ඒ දේවල් ගෞරවයෙන් පිළිගන්නා දියුණු මනසක් සහිත මිනිසුන් නියෝජනය කරන සමාජයටය.