සෞම්‍යත්වය හා රසය එක් වූ ඩයනා කුමරියගේ විලාසිතාව – “Pan-Seared Salmon” – Where royal taste meets golden perfection

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ඔක්තෝබර් 14, කොළඹ (LNW):  ප්‍රෝටීන යනු මිනිස් සිරුරට ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් එකකි. එය මාංශ පේශි, සම සහ අවයව වැනි පටක ගොඩනැගීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනු ඇත. ප්‍රතිශක්තිය සහ සමස්ත ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය එන්සයිම, හෝමෝන සහ ප්‍රතිදේහ නිෂ්පාදනයට ද එය මනාව සහාය වේ.

ප්‍රෝටීන් ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර දිගු කාලීනව ඔබගේ බර කළමනාකරණයට සහාය වේ, සහ මාංශ පේශි අහිමි වීම වැළැක්වීමෙන් නිරෝගීව වයසට යාම ප්‍රවර්ධනය කරයි.



ඩයනා කුමරිය ඇගේ ප්‍රෝටීන් පරිභෝජනය ගැන විශේෂයෙන් සඳහන් කර ඇත්තේද අන්න ඒ නිසා විය හැකිය. ඊටින් වෙල් වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, ඇගේ හිටපු සූපවේදී ඩැරන් මැක්ග්‍රැඩි සමාජ මාධ්‍යවල සඳහන් කර ඇත්තේ කුමරිය සැමන් වලට ආසා කරන බවයි.



රාජකීය පවුලේ ඩයනා කුමරියගේ ප්‍රියතම ආහාරය;

මැක්ග්‍රැඩි විසින් බෙදා ගන්නා ලද යූ ටියුබ් වීඩියෝවට අනුව, ඇය මැකඩමියා නට්, කොත්තමල්ලි සහ දෙහි සමඟ pan-seared කළ සැමන් මාළු වලට ආසා කරයි, එය බැදපු එළවළු සහ ශ්‍රීරාචා මෙයොනීස් සමඟ පිළිගන්වනු ලැබේ.

ඇය එයට බෙහෙවින් ආශා කල බවත්, කුමරිය සතියකට දෙතුන් වතාවක් සැමන් මාළු ආහාරයට ගත් බවත් මැක්ග්‍රැඩි වීඩියෝවේ පැහැදිලි කළේය. “මෙය බොහෝ විට ඇගේ ප්‍රියතම එකක් විය හැකිය.” ඔහු වැඩිදුරටත් පැවසීය.



Pan-Seared Salmon සාදා ගන්නේ කෙසේද?

– පළමුව උඳුන 350°F ට රත් කරන්න.
– මේ අතරතුර, ඔලිව් තෙල් මේස හැන්දක් සාස්පාන් එකකට එකතු කර, සෝදාගත් සැමන් ෆිලට් හතරක් පමණ ලුණු හා ගම්මිරිස් සමග සීසන් කර, ඒවා පෑන් එකේ තබන්න.
– රන්වන් පැහැ වන තුරු බැදගන්න.
– දැන්, මැකැඩමියා ඇට, කොත්තමල්ලි, උණු කළ ලුණු නොකළ බටර්, පැන්කෝ පාන් කුඩු, බිත්තර කහ මදය, දෙහි ලෙල්ල සහ යුෂ, ලුණු සහ ගම්මිරිස් මිශ්‍රණයකට අවශ්‍ය පරිදි මිශ්‍ර කරන්න.
– සැමන් මැද රෝස පැහැයට හැරෙන තෙක් සහ කබොල දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 10 ක් බැඳගන්න. ඒ අතරතුර, රතු ළූණු සහ රතු බෙල් පෙපර් ස්වල්පයක් බැදගන්න. එයට මී පැණි ස්වල්පයක් සහ නැවුම් තැඹිලි යුෂ විශාල ප්‍රමාණයක් එකතු කර දියර අඩු වී එළවළු ඒකාකාරව පිස ගන්න.
– ළූණු සහ බෙල් පෙපර් මිශ්‍රණය පිඟානක් මත තබා සැමන් අසුරන්න. ශ්‍රීරාචා මෙයොනීස් ස්වල්පයක් සහ සලාද කොළ ස්වල්පයක් සමඟ උණුවෙන් පිළිගන්වන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...