චීන අගමැති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක්

Date:

කොළඹ LNW:චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වුණා. ඒ, ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී ය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය චීනයට ගොස් සිටිනවා.

Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බවයි. මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත වුණා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔහු සමඟ වැදගත් හමුවක් පැවැත්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් එහිදී ලබා දුන්නා.

ශ්‍රී ලංකාව සමඟ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ගුණාත්මකව පොදුවේ ගොඩනැගීමේ රාමුව යටතේ, ආර්ථික සහ වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසුවා. දෙපාර්ශ්වය එක්ව “ගෝලීය පාලන මුලපිරීම” ක්‍රියාත්මක කිරීමෙන්, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බව, Li Qiang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එකම චීනය යන මූලධර්මයට ශ්‍රී ලංකාව අනුගත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී අවධාරණය කළා . ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ “ගෝලීය පාලන මුලපිරුම” සඳහා ශ්‍රී ලංකාව සහාය දැක්වීමට ද අපේක්ෂා කරනවා. චීනය සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා-චීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...