තැනින් තැන මතුවන වෙඩි උණ්ඩ!

0
230

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

ඊයේ (13) දිනයේ සෝදිසි මෙහෙයුම්වලින් T56 උණ්ඩ 860ක් ,ගුවන්යානා නාශක උණ්ඩ 4ක් සහ බර අවි සඳහා භාවිතා කරණ උණ්ඩ 93ක් ද ඇතුළුව, මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකල මෙහෙයුම්වලින් දැනට සොයා ගෙන ඇති සමස්ත උණ්ඩ සංඛ්‍යාව

ඒ අනුව, මිට පෙර සිදුකළ මෙහෙයුම්වලින් සොයාගත් උණ්ඩ ප්‍රමාණය, 1163 කි. ටී 56 උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ උණ්ඩ 116 ක් සහ මිලිමීටර් 41 වර්ගයේ උණ්ඩ 10 ක් ද, ඒ අතරට ඇතුළත් වේ.

තවදුරටත් ,මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ..

මේ අතර, තලාව, රත්මල්ගහවැව පාර, මුදුනේගම ප්‍රදේශයේ පාසලක් අසල තිබී ටී-56 හිස් පතරොම් කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, ඒ, මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතරොම් තොගයක් ඇති බවට ප්‍රදේශවාසියකු විසින් තඹුත්තේගම පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

පොලීසිය පැවසුවේ, අදාළ උණ්ඩ තොගය අතර ටී-56 හිස් පතරොම් කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් හා ටී-56 ජීව උණ්ඩ රැසක් ඇති බවයි. එම හිස් පතරොම් කොපු සහ ජීව උණ්ඩ දිරාපත්ව ඇති බැවින් ඒවා වසර කිහිපයකට පෙර අදාළ වගුර බිමට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. අදාල හිස් පතරොම් කොපු තොගය සහ ජීව උණ්ඩ තොගය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.