පළාත් සභා මැතිවරණය: විපක්ෂය සටනට සැරසෙද්දී රජය තවමත් නිහඬයි?

0
309

ඔක්තෝබර් 16, කොළඹ (LNW): පරස්පර කාලරාමු සහ දේශපාලන හැල හැප්පීම් මධ්‍යයේ දිගින් දිගටම ඇදී යන පළාත් සභා මැතිවරණය වටා අවිනිශ්චිතභාවයක් ඇති වී ඇති අතර, මේ නිසා ඡන්දදායකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය සම්බන්ධයෙන් රජයේ කාලසටහන පිළිබඳ ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.

මැතිවරණය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ, මැතිවරණයක් පැවැත්වීම සඳහා විපක්ෂයේ සූදානම කෙසේවෙතත් රජය පාර්ශවයෙන් අවිනිශ්චිත හැසිරීමක් නිරීක්ෂණයකළ හැකි ය.

සමගි ජන බලවේගය ප්‍රධාන පළාත් සඳහා සිය මහ ඇමති අපේක්ෂකයන් ලෙස ජනප්‍රිය නායකයන් ඉදිරිපත් කිරීමේ උපායමාර්ගය මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇත. එය රජයට බලපෑම් කිරීම සඳහා නිර්මාණය කර ඇති පියවරකි.

විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු එවැනි උපායමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, ඒ අනුව මැතිවරණයක් සඳහා වඩාත් සම්බන්ධීකරණයකින් යුතුව විපක්ෂය කටයුතු කරමින් සිටින බවත් LNW අප විසින් මීට ඉහත අවස්ථාවක දී පෙන්වා දී තිබේ.

රජයෙන් තවමත් මේ පිළිබඳව පැහැදිලි බවක් නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන වත්මන් කෘෂිකර්ම් අමාත්‍යවරයා, 2026 දී මැතිවරණය පැවැත්වෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, මෙම කාලරාමුව දැන් ප්‍රශ්නාර්ථයකි.

දේශපාලන කටකතා අනුව, වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ 2026 අප්‍රේල් මාසයේ යම් දිනයක මැතිවරණයක් පැවැත්වීම දුෂ්කර වනු ඇති බවට මැතිවරණ කොමිසම ද සැක පළ කර තිබේ.

පැරණි හෝ නව මැතිවරණ ක්‍රමය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ විවාදය ඊට තවත් සංකීර්ණත්වයක් එක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, පැරණි ක්‍රමයට ආපසු යාම විරුද්ධ පක්ෂවලට වාසිදායක වනු ඇති බවයි.

මෙම ප්‍රමාදය සැපයුම් ගැටළු මත පදනම් වී තිබේ ද නැතහොත් දේශපාලන උපායමාර්ගය මත ද යන්න පිළිබඳව තව තවත් ප්‍රශ්න මතු කරනු ඇත.

රජය තවමත් මැතිවරණය සඳහා නිල දිනයක් ප්‍රකාශයට පත් කර නොමැත; විපක්ෂය තම අපේක්ෂකයන් සූදානම් කරමින් සිටින අතර මැතිවරණ කොමිසම මැතිවරණයක් පැවැත්වීම අරඹයා පවතින බාධාවන් පෙන්වා දෙමින් සිටී.

රජයට ස්ථිර තීරණයක් ගැනීමට ඇති නොහැකියාව මෙම පුළුල් ව්‍යාකූලත්වයට හේතු වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දීම සඳහා තීරණාත්මක නිවේදනයක් ලබා දෙන මෙන් LNW අපි අපේක්ෂා කරමු!.