මැතිවරණ හැකිළු සමය අවසන්. පළාත් සභා ජන්දය ලබන වසරේ!

Date:

කොළඹ LNW:පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට කටයුතු යොදන බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පැවසීය.

ඊයේ (15) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ආණ්ඩුව බලයට පැමිණීමට පෙරම පළාත් සභා මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කර තිබෙන අතර පැවති පාලනයන් විසින් වසර 6ක් තිස්සේ මැතිවරණ හකුළා පැවති බවයි ඔහු කියා සිටියේ.

රජය මේ වන විට මැතිවරණ තුනක් පවත්වා තිබෙන බවත් රටට හිතවාදී ආණ්ඩුවක් සාදා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් තුළ රට සත්වර තැනකට ගෙනවිත් තිබෙන අතර ඉදිරි පළාත් සභා මැතිවරණයෙන්ද පළාත් 09යාම ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...