සෙව්වන්දි නාමල් ගැන මොනවත් කියල නෑ. ඇයි මේ කලබල!

Date:

කොළඹ LNW: නාමල්ද , මහින්දද නොව නීතියට ඉහළින් කිසිවක් නොමැති බව මේ වන විට ඔප්පුකර ඇතැයි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

අත්අඩංගුවට ගැනුණු ඉෂාර සෙව්වන්දි නාමල් රාජපක්ෂ පිළිබඳ කිසිවක් කියා නොමැති අතර ඔහු කලබල විය යුතු නැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නාමල් කල්පනා කළ යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ දේශපාලකයින් සිය පියා විසින් බේරා ගත් ආකාරය, ඇතැම් පරීක්ෂණ මන්දිර ළඟට යන විට වෙනස් වූ ආකාරය ගැන බවද ඔහු කියාසිටියි.

කෙසේවෙතත් නීතියට ඉහළින් කිසිවක් නැත යන කරුණ ඔප්පුකරමින් තිබෙන අතර ඊට අනුව විමර්ශන සිදුවෙන බවත් ජනවරම වන්නේ ද එය බවත් ගුණසේකර මහතා තවදුරටත් කියාසිටියි.

”නීතියට උඩින් කිසිවක් නෑ කියල ජනතාවත් ආණ්ඩුවත් ඔප්පුකරමින් තියෙනවා. පොලීසියට අවශ්‍ය බලතල, ස්වාධීනත්වය දීලා තියෙන්නේ වැඩ කටයුතු කරන්න. ඒ නිසා වෙනදට වඩා වේගෙන ඒ පාතාලය, මත්ද්‍රව්‍ය ක්‍රියාවලිය මැඩලන්න හැකි වෙලා තියෙනවා, ඒ නිසා තමයි කන්ටේනර් ගණන්වලින් මත්ද්‍රවය අහුවෙන්නේ. තොගපිටින් අපරාධකරුවන් අහුවෙන්නේ. දැන් ඒවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු දේශපාලන පක්ෂ හොඳටම කලබල වෙලා තියෙන බව පේනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...