ආණ්ඩුව කියන්නෙම IMF රූකඩයක්. අපි හින්දා හොඳයි. නැත්නම් ලයිට් බිලත් වැඩි වෙලා – සජිත්

0
225

කොළඹ LNW: රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා යැයි සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ හෙයින් මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වූ බවත් එයට හේතුව IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක වත්මන් රජය නියැළුණු නිසා බවත් යැයි විපක්සැහැ නායකයා කියාසිටියේය.

වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් ලෙස නොව ජනතාවගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් වන අතර ඔවුන් බලයට ආවේ IMF එකේ පදයට නැටීමට නොවන බවයි හෙතෙම සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රු.9000 බිල 6000 කරනවා යැයි වේදිකාවක් වේදිකාවක් පාසා කියූ අතර ජනතාව එයට කැමති වූ නිසා ආණ්ඩුව පත් කරගත් බවත් එම නිසා විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවයි ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ