රට ගොඩනැගිය හැක්කේ නිදහස් නිවහල් මහජන අරගලයකින් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී, මිත්‍යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි එකම විකල්පය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, නිවහල් මහජන අරගලයකින් පමණක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

වර්තමාන පාලකයෝ රටේ පවතින සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන ඔවුන්ගේ වැඩපිළිවෙළ ජනතාවට හිතකර අන්දමින් වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවූ බවත් ඔවුන් මිත්‍යාවාදී දේශපාලනයක නිරත වෙමින් ජනතාවට කුමක් වුවත් ඉදිරි වසර 2ක කාලයේත් සුරසැප විදීමට අවශ්‍ය සුදුසුම දොරටුපාලකයෙක් පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ නොහැකි , ජනතාව ආරක්ෂා කිරීමට නොහැකි රජයකින් පළක් නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ඩොලර් සංචීත වැඩි කිරීමට පෙර ඔවුන්ගේ ඩොලර් සංචිත වැඩිකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි.

එසේම මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු තොරතුරු ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ඖෂධ සහ ගෑස් වලින් පවා ගසාකන යුගයක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, රටම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරන දොරටුපාලයින් සහ පටු වාසි වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවාදීන් පිරිසක් සිටින බව ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ජාතික විද්වත් සභාවේ දිස්ත්‍රික් නියෝජිතවරුන් පත්කිරීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...