JR, රනිල්, GR සහ පෝලිම් – තාරක ලියයි

රනිල්ගේ මාමා JR මේ රට භාරගන්නකොටත් මේ රටේ පෝලිම් තිබ්බා. හැබැයි ඒ පෝලිම් සහ මේ පෝලිම් අතර වෙනසක් තියෙනවා. එදා පෝලිම් තිබ්බේ එවකට තිබුණු සිරිමාවෝ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලේ කොටසක් හැටියට. රාජ්‍ය ධනවාදය හරි ජාතික ආර්ථිකය හරි.. නම මොකක් වුණත් – මොන විවේචන තිබ්බත් ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබ්බා. ඒ වැඩපිළිවෙලේ පියවරෙන් පියවර යනකොට – සලාක ක්‍රමය එහෙම ක්‍රියාත්මක කරනකොට තමයි පෝලිම් ආවේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු අය පෝලිම් එන බව දැනගෙන හිටියා. හේතු ගණනාවක් මත ඊළඟ පියවරවලට යන්න කලින් ඒ ආණ්ඩුව කඩාගෙන වැටිලා රනිල්ගේ මාමා ආණ්ඩුව ගත්තා. ඒ 77. JR ඇවිල්ලා මොකද කළේ කියල තව ටිකකින් කතා කරමු.

මේ 77 නෙමෙයි 22. ඉන්නේ JR නෙමෙයි GR. දැන් තියෙන පෝලිම් සිරිමවොගේ පෝලිම් නෙමෙයි. මේ තියෙන්නේ අර්බුදයේ පෝලිම්. මෙහෙම පෝලිම් එනවය කියා ආර්ථික විශේෂඥයෝ කියනකොට ආණ්ඩුවේ උදවිය බොරු පුරසාරම් ගහ ගහ එහෙම වෙන්නෙ නැහැයි කිව්වා. අන්තිමේදී මුළු රටක් බංකොලොත් වෙලා. මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන තත්ත්වයට ඇවිල්ලා. එදා පෝලිම් යුගයෙන් රට බේරගන්න කියල ආවේ JR. පෝලිම් නම් පොඩි ආර්ථික මැජික් එකකින් පිටරටින් බඩු ටිකක් ගෙන්නලා ඉවරවුණා. හැබැයි ලංකාවේ සම්පත් ටික කොල්ලකන්න ලෝකේ වටේ ඉන්න හයිනාවෝ ටික JR යුගයේ තමයි පෝලිමේ ලංකාවට එන්න පටන් ගත්තේ.

GR කිසිම වැඩපිළිවෙලක් නැතුව හිතෙන හිතෙන විකාර කරලා හතර අතේ ෆේල් වෙලා.. අන්තිමේදී JRගේ බෑන පොඩ්ඩ රනිල්ගෙන් ඉල්ලුවා “අනේ මට උදව් කරන්න අයියෝ“ කියල. ඔන්න රනිල් ආව. ලංකාවේ මධ්‍යම පන්තිය 77 වගේම රැවටුණා. ඊටත් වඩා රැවටුණා. රනිල් ආවේ රටට උදව් කරන්න නෙමෙයි. රාජපක්ෂලාට උදව් කරන්න. හැංගි හැංගි හිටපු පොරවල් ෂේප් එකේ තැනින් තැනින් ඔළුව දදා මතුවෙන්නේ රනිල්ට පින්සිද්ද වෙන්න. හැබැයි මතක තියාගන්න ඕන රනිල් ඊටත් වඩා ලොකු රාජකාරියකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි, මාමණ්ඩිට ඉවර කරන්න බැරි වෙච්ච වැඩටික අවසන් කරන එක. අන්න ඒ නිසා තමයි ලෝකෙ වටේ හයිනාවෝ ආයෙමත් පෝලිමේ ලංකාවට එන්නේ.

චොර වෙච්ච චෝර පවුල් පාලනේ ෂේප් කරන ගමන් ඒ බලයම පාවිච්චි කරලා ධනවාදයේ මැච් එකේ දෙවෙනි ඉනිම ගහන්න තමයි රනිල් ලැස්ති වෙන්නේ.  මොකද රාජපක්ෂලාට ධනවාදයත් බැහැ. ජාතිකවාදයත් බැහැ. මොන වාදයක්වත් බැහැ. ඒගොල්ලන්ට පුළුවන් පවුල්වාදය විතරයි. ඒක දැන් මේ රටට මල වාදයක්. මල වදයක්. හැබැයි ඉතින් ඒ වගේම මාමණ්ඩි පෙන්නපු ආර්ථික මැජික් රනිල් බෑනන්ඩිට පෙන්නගන්නත් බැහැ. මොකද සිස්ටම් එක ඒ තරම් ලෝක පරිමාණව අර්බුදයට ගිහින් තියෙන්නේ. ඒ නිසා රනිල් ආවට පස්සේ පෝලිම් ඩබල් ට්‍රිපල් වෙලා. හැබැයි ජාතික සම්පත් කොල්ලකන්න එන පෝලිම ඉක්මනට ඉවර කරන විදිහ විතරයි රනිල් හිතන්නේ. ඒ වෙන ක්‍රමයකට නෙමෙයි අතට අහුවෙන ඔක්කොම විකුණලා දාල.

දැන් තවදුරටත් මේ ගොල්ලන්ට විකල්ප නැහැ. GRටත් JRගේ බෑන පොඩ්ඩටත් කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ සඳළුතලෙන් බැහැල ගෙදර යන එක විතරයි. ගෙදර යන්නෙම නැත්නම් මිනිස්සු පාරට බැහැල දෙන්නව එකට තියල ගෙදර යවයි. නෝ කතා නෝ සිනා !

– තාරක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...