ඝතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වානහම් නිමලරාජන්ගේ 25 වෙනි ගුණ සමරුව යාපනයේදී! (PHOTOS)

Date:

කොළඹ LNW:ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වානහම් නිමලරාජන්ගේ 25 වෙනි ගුණ සමරුව යාපනයේදී ඊයේ (19) පැවැත්විය.

යාපනය මාධ්‍ය සමාජයේ මෙහෙය වීමෙන් එම පරිශ්‍රයේදී එම සැමරුම පැවැත්වුණි.

මෙම අවස්ථාවට දකුණේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද සහභාගී විය.

BBC සහ වීරකේසරී ඇතුළු මාධ්‍ය ආයතන වෙත දෙමළ හා සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරතව සිටි නිමලරාජන් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

නිවසට වෙඩි තබා පසුව එල්ලන කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් නිමරාජන්ගේ පවුලේ සාමාජිකයෝද තුවාල ලබා තිබුණු අතර ඒ සම්බධයෙන් චෝදනා එල්ලවූ ඊපීඩීපී සාමාජිකයන් 2003 දී වව්නියා අධිකරණය විසින් පසුව නිදහස් කරන ලදී.

මීට වසර 25කට ඉහතදී යාපනය අධි ආරක්ෂිත කලාපයක දී මයිල්වානහම් නිමලරාජන් ඝාතනය කරන ලද අතර නිමලරාජන්ගේ ඝාතනයට චෝදනා එල්ල වූයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායක ඩග්ලස් දේවානන්ද වෙතය.

එම ඝාතනය සම්බන්ධයෙන් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යපෘතිය (ITJP) සහ REDRESS හවුල විසින් භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදනය කළ වාර්තාවට අනුව ඩග්ලස් දේවානන්දා ගෙන් ප්‍රශ්න කිරීම වෙනුවට ඔහු 2000 සිට සෑම රජයකම පාහේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස නැවත නැවතත් පත් කර ඇති බව දක්වා තිබේ.

යුක්තිය ඉටු නොවුණු ඝාතනයක් වන අතර අවම වශයෙන් ඝාතනය වූ අපරාධ ස්ථානය ආරක්ෂිත කිරීම හෝ ලේඛනගත කර නොතිබුණු අතර ඡායාරූප ලබාගෙන හෝ අධිකරණ වෛද්‍ය සාක්ෂි එකතු කිරීම ද සිදුකර නොමැති බව එම වාර්තාවේ දක්වා ඇත.

පිටු 70කට ආසන්න එම වාර්තාව ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවත් නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයේ අසාර්ථකත්වයත් එම වාර්තාව තුළ අවධානයට ලක්කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...