සන්නද්ධ කණ්ඩායම් පාලනය කිරීම මත ඇෆ්ගනිස්ථානය සමඟ සටන්විරාමය රඳා පවතින බව පාකිස්ථානය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සටන් විරාම ගිවිසුම දේශසීමාව හරහා ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම් පාලනය කිරීම මත රඳා පවතින බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් ප්‍රකාශ කර තිබේ.

රජය පෙරලා දැමීමේ උත්සාහයක් ලෙස ඉස්ලාමාබාද්ට එරෙහිව වසර ගණනාවක් තිස්සේ යුද්ධයක් දියත් කර ඇති පාකිස්තාන තලේබාන් සංවිධානය ඔක්තෝබර් 09 වන දින සිට පාකිස්තාන හමුදාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර වේගවත් කර තිබේ. පාකිස්තාන තලේබාන් ලෙස පොදුවේ හැඳින්වෙන සන්නද්ධ කණ්ඩායම් කිහිපයක එකතුවක් වන ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්තානයේ (TTP) සටන්කරුවන් පාලනය කරන ලෙස ඉස්ලාමාබාද් කාබුල් රජයෙන් ඉල්ලා සිටීමෙන් පසුව සටන් ආරම්භ විය.

2021 දී එක්සත් ජනපද සහ නේටෝ හමුදා රටින් ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු සතියක මාරාන්තික දේශසීමා ගැටුම්වලින් පසුව කටාර් සහ තුර්කියේ මැදිහත්වීම මාතර මෙම සටන් විරාමය ඇති වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...