ජොන්ස්ටන්ගේ සතොස නඩු විභාගයට දින නියම වෙයි!

0
167

කොළඹ LNW:හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට ළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

ඒ, ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සමඟ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොණු කර ඇත.

ඒ අනුව නඩුව විභාගය ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර විත්තිකරුවන්ට එරෙහිව එකම චෝදනා යටතේ 2010, 2012, 2011, 2014 වර්ෂයන්ට අදාල වන ලෙස වෙන් වෙන් වශයෙන් නඩු 4ක් ගොණුව ඇති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එකම චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඇති මෙම නඩු 4ම එකම උසාවියක් තුළ විභායෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට බාධාවක් ඇති විය හැකි හෙයින් නඩු විභාගය වෙනත් අධිකරණයක් හමුවට යොමු කරන ලෙසයි නීතීඥවරු ඉල්ලා සිටියේ.

ඒ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා පැවසූවේ විත්තියේ නිතීඥවරු පවසන අන්දමින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට එම කරුණ බාධාවක් නොවන බවයි.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගය ආරම්භ කරන ලදී..

ආශිකා බ්‍රාහ්මණ