නිශ්මං රණසිංහ ඔක්තෝබර් 23, කොළඹ LNW:
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතබව සම්බන්ධයෙන් රැකගෙන ආ වාර්තාව ඊයේ තමන්ගේ තනි සින්නක්කරයට අයිති කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.දෙපිළේම තුන් ඉරියව් ක්‍රීඩකයින් මැද පෙළින් පැමිණ මුලින් ලිහි ගිය ශක්තිය නැවත කණ්ඩායමට දෙන්නට උත්සාහ කළ ද,එහිදී වඩාත් සාර්ථක වූ ඇනබල් සදර්ලන්ඩ් (නොදැවී 98) සහ ඇෂ් ගාර්ඩ්නර් (නොදැවී 104) ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පස්වන කඩුල්ල සඳහා නොබිඳි ලකුණු 180 ක සබඳතාවයක් පවත්වමින් කඩුලු හයක ජයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නා.

සදර්ලන්ඩ් සහ ගාඩ්නර් යන දෙදෙනා පන්දු යැවීමෙන්ද එංගලන්තයට බරපතල හානියක් සිඳු කළා.සදර්ලන්ඩ් ඒ අතරින් එංගලන්තයට එරෙහිව ලකුණු 60 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.ගාඩ්නර් ද කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් පමණක් ලබා ගනිමින්.පිත්තෙන් සහ පන්දුවෙන් ඔස්ට්‍රේලියානු ජයට සම්මාදම් වූ මේ දෙදෙනා අතරින් ලකුණු 68 ට කඩුලු 4 ක් දැවී ගිය මොහොතේ ඔස්ට්‍රේලියා ඉණිම ගොඩ නැඟීම සහ අධිෂ්ඨානශීලී ඉණිමක් දියත් කරමින් සහ එංගලන්ත කඩුුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණුන සදර්ලන්ඩ් තරගයේ වීරවරිය ලෙස කැපී පෙණුනා.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි ටැමී බියුමන්ට් ලකුණු 78 ක් රැස් කරමින් කැපී පෙණුන අතර ඇය වටා ගොනුව එංගලන්ත ඉණිම ගොඩ නැඟුණා.නමුත් මුල් පෙළ සෙසු පිතිකාරිණියන් සැළකිය යුතු ඉණිමක් දියත් නොකළ අතර ඒ නිසා ඔවුන් එංගලන්තයේ කඩුලු 6 ක් ලකුණු 166 ට දැවී ගියා.හත්වන කඩුල්ලට එක් වූ චාලි ඩීන් (26) සහ ඇලිස් කැප්සි (38) ලකුණු 61 ක සබඳතාවයක් ගොඩ නැඟුවා.එහෙත් දෙදෙනාම මුළු ලකුණු ගණන 227 ක් ව තිබියදී දැවී යාමෙන් ඉනික්බිති එංගලන්තය ලකුණු 244 ට සීමා වුණා.

පන්දු ඕවර් 50 දී කඩුලු 9 ට එංගලන්තය රැස් කළ එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමේ ගමණේදී ඔස්ට්‍රේලියාවට බලාපොරොත්තු නොවූ ආකාරයට කඩුලු 4 ක් අහිමි වුව ද,ඔවුන් ලකුණු වේගය කළමණාකරනය කරමින් ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු ප්‍රමාණයට වඩා අඩු පන්දු ගණනක් වීමට කිසිවිටෙක ඉඩ ලබා දුන්නේ නැහැ.මේ නිසා එංගලන්තයට කඩුලු ලබා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියාව පැනවීමට අවශ්‍යය වූ පීඩනය ලබා දෙන්නට හැකි වුණේ නැහැ.ඒ වෙනුවට තවත් කඩුල්ලක් දවා ගැනීමේ පීඩාකාරී උත්සාහය තුළ එංගලන්තය හිරවෙමින් උත්සාහ කරමින් සිටියා.

මේ තත්ත්වය මත එංගලන්තයට කඩුලු ලබා ගැනිමේ වාසිය අත් කර නිදහසේ හැසිරෙමින් ඔස්ට්‍රේලියාව මත පීඩනය පැටවීමේ උවමනාවට ඉඩ නොතබමින් තරගයේ ජය තමන් සතු කර ගනිමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට ඔස්ට්‍රේලියාව පත් වුණා.
තරගයේ ලකුණු විස්තරය…
https://bit.ly/47COYd1
