ඉන්දියානු රුපියල එපා, රුසියානු රූබල් හොඳාායි – පක්ෂ 10 කණ්ඩායම

Date:

රුසියාවෙන් ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ නම් ඩොලර් අර්බුදය ඊට කිසිදු බාධාවක් නොවන බව පක්ෂ 10 කණ්ඩායමේ පාර්ශ්වකරුවෙකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කරනවා. ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර්වලින් ගෙවීම වෙනුවට රුසියානු මුදල් ඒකකය වන රූබල්වලින් ගෙවීම අවස්ථාව තිබෙන බවයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ යුත්තේ රූබල් මුදල් ඒකකය මෙරට තුළ පිළිගන්නා මුදල් ඒකකයක් බවට ප්‍රකාශයට පත් කිරීම පමණක් බවද ඔහු පවසයි.

ලොව බොහෝ රටවල ගනුදෙනු සඳහා භාවිතා කරන ඇමරිකානු ඩොලරයට විකල්ප මුදල් ඒකකයක් ලෙස රූබලය හඳුන්වා දීම රුසියාවේ බලාපොරොත්තුව වන අතර එම අවස්ථාව භාවිතා කරමින් රූබලය ශ්‍රී ලංකාවේ පිළිගත් විනිමය ඒකකයක් බවට පත්කළ යුතු බවද වීරසිංහ මහතා සඳහන් කරනවා.

මේ වනවිට රුසියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික නියෝජිත පිරිස, ඉන්ධන පමණක් නොව ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන්ද රුසියානු බළධාරීන් සමග සාකච්ඡා කළයුතු බව කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා අවධාරණය කරයි.

මේ අතර පක්ෂ 10 කණ්ඩායමේ ප්‍රධානියෙකු වන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ අර්බුදය භාවිතා කරමින් ඉන්දියානු රුපියල මෙරට තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත්කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවෙමින් සිටින බවයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වන බවද ඔහු පවසනවා.

අර්බුදය භාවිතා කර, රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙන යමින් සිටින පාලකයන්ට තවදුරටත් රටේ පාලනය බාර දී බලාගෙන සිටීම භයානක දෙයක් බවත්, වහාම ආණ්ඩුව බලයෙන් පහකර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත වීරවංශ මහතා පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...