මෙවර 2025 උසස් පෙළ ලියන දරුවන්ට විශේෂ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

මෙවර 2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර  කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසන අතර, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, සියළුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ප්‍රවේශ පත්‍ර භාරගත යුතු බවය.

තවද, අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසන ලද අතර, අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හා විෂය සංශෝධන තිබේ නම් හඳුන්වාදී ඇති වෙබ් අඩවිය තුලින් එම කටයුතු සිදුකල හැකි අතර සංශෝධන සිදුකිරීම ලබන 31 වැනිදායින් අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේය.

2025 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 කදී පැවැත්වෙන අතර, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් මස 6 වැනිදා විභාග මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...