කෘෂිකර්ම අමාත්‍යංශය කීරි සම්බා හිඟයට විසඳුම් සොයයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

මෙරට ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි, හිඟයක් පවතින කීරි සම්බා වෙනුවට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

තවද, ආනයනික සහල් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පසුගියදා නියම කරනු ලැබූ අතර, ඒ, එම අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කරමිනි.

ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක් වේ.

කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...