පෞද්ගලික බස් ධාවනය 10%ට බහී. ගාස්තු වැඩිකිරීම ගැන නිර්දේශ අද …

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද (29) දිනයේ දිවයින පුරා ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ ප්‍රමාණයෙන් 10%ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් ගාස්තු 30%කින් වැඩිකිරීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිකිරීමට ඇතැම් බස් සංගම් යෝජනා කර තිබුණු අතර බස් සංගම් අතර පවා එම යෝජනාවට එකඟතාවක් නොතිබුණු අතර ඊයේ දිනයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාව ද අතරමැද නැවතී තිබිණි.

කෙසේවෙතත් අද දිනයේදී බස් ගාස්තු වැඩිකිරීමක් සඳහා නිර්දේශ යොමුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අව­හිර වූ...

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...