අද රටේ ඇත්තේ සංවර්ධනය වන සංස්කෘතියක් නොවේ. මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මෙරට ජනතාව ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙලා 76 වසරක් රට විනාශ කරපු රටාව වෙනස් කරනවා කියා ජවිපේ ආණ්ඩුවක් ගෙන ආ බවත් ඒ නිසා අද ජවිපේ ජනාධිපති, 159ක 2/3ක පාර්ලිමේන්තු බහුතරය සහ නගර සභා ඇති නිසා ප්‍රශ්න විසඳන්න බැරි යැයි කිව නොහැකි බවත් මේ තරම් බලතල තියාගෙන ජනතාවගේ ගැටලු විසඳන්න බැරි ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා උතුරු කොළඹ ලුණු පොකුණ ප්‍රදේශයේ පැවැති ජන හමුව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක්වෙමිනි.

නිවාස නැති ජනතාවට නිවාස ලබා දීමට නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඇති බවත් මේ කරන්න බලය නැතැයි රජයට හේතු කිව නොහැකි බවත් කයිවාරු නවතා කියපු ආකාරයට වැඩ පෙන්වන්න කිය රජයට කියන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බලතල උපරිම තියාගෙනත් සංවර්ධන කටයුතු නොකරන්නේ ඇයි

රටේ සංවර්ධන කටයුතු අනන්තයත් තිබියදී වත්මන් රජය ඒවා පසෙකල රට තුළ පාතාල සංස්කෘතියක් ඇති කර මිනිමරණ සංස්කෘතියක් ඇති කර ජීවිත හානි සිදුවන දැවැන්ත මිලේච්චත්වයකට සමාජය ගොදුරු කර ඇති බවත් අද වන විට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හෝ මන්ත්‍රීවරුන්ට මහජන දිනයක්වත් තියන්න බැරි බවත් ජනතා ගැටලු සොයා බලන්නවත් බැරි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජවිපේ මන්ත්‍රීවරුන්ට නම් මහජන දින පුරුදු නැහැ

ජවිපේ මන්ත්‍රීවරුන්ට නම් මහජන දින පවත්වන පුරුද්ද නැති බවත් ඔවුන් ජනතාව රවටා රටට දුන් එකම දායාදය වන්නේ මිලේච්ඡත්වය ඝාතන සංස්කෘතියක් බවත් මේ සෑම ඝාතනයක් පිටුපසම මේ මිනිමරු සංස්කෘතියට දොරටු විවර කර දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි ගන්නා බවත් වැලිගම සභාපතිවරයාගේ ඝාතනය එයට උදාහරණයක් බවත් ඔහුගෙන් සභාපතිකම උදුරා ගන්න අවස්ථා ගණනාවක් උත්සාහ කළ බවත් බොරු රගපැම් ඉදිරිපත් කර සභාවේ වැඩකටයුතුවලට බාධා කළ බවත් ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වුවත් ආරක්ෂාව නොදුන් බවත් මෙවැනි තත්ත්වයක් උඩ මහජන නියෝජිතයන්ගේ ද ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කනත්තේ සිට ජනතා සේවය කරන්න බැහැ

මහජන නියෝජිතයන්ට කනත්තේ සිට ජනතා සේවය කළ නොහැකි බවත් ජනාධිපතිවරයාගේ වගකීම ජනතාවගේ ජීවිත රැක ගැනීම බවත් එය කළ යුතු බවත් මේ පාතාලය මර්දනය කළ යුතු බවත් පාතාලය නැති කරනවා කියා මහජන නියෝජිතයන් මරා දැමිය නොහැකි බවත් අද රටේ ඇත්තේ කැලැ නීතිය බවත් එයට ඉඩදිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...