දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

Date:


නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW:

XVI Mexican International 2025 තරගාවලියේ පිරිමි කේවල අවසාන පූර්ව තරගයට ඒමට දුමිදු අබේවික්‍රම සමත් වී සිටියි. මේ වන විට ඇමෙරිකානු මහද්වීපයේ කෙරෙන තරග සංචාරවලදී දක්වන ලද දස්කම් අනුව 110 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටින දුමිදු අවසාන පූර්ව තරගයේදී හමුවීමට නියමිතව සිටින්නේ මේ තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම් හී පළමු තැන සිටින ගුවාතමාලාවේ කෙවින් කෝර්ඩන් ය.


කෙවින් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 79 වන තැන සිටින අවුරුදු 38 ක් වයසැති පළපුරුදු ක්‍රීඩකයෙකු වන අතර ඔහු අතින් ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ හොඳම බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස සැළකෙන නිලූක කරුණාරත්න පවා තෙවරක් පරාජය වී ඇත. කෙවින් ලෝකයේ අංක 24 දක්වා ශ්‍රේණිගත කිරීම් හී ඉදරියට පැමිණි ප්‍රබල ක්‍රීඩකයෙකු වන අතර නිලූකගේ සහ කෙවින්ගේ හොඳම කාල වකවානුවල ඇති වූ ගැටුම්වලදී මේ තත්ත්වය උදා වී ඇති අතර නිලූක ද වරක් කෙවින්ව පරාජය කර තිබේ.


22 හැවිරිදි දුමිදු ද හමු වූ අවස්ථා දෙකේදීම කෙවින්ට පරාජය වී ඇති අතර මේ වන විට කෙවින් වයසත් සමඟ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතයේ පසුපසට තල්ලුවෙමින් තිබෙන මොහොතක බැවින් දුමිදු ට මේ තරගයෙන් ජය ගැනිමට හොඳ අවස්ථාවක් ද ඇත.


ලෝක සූරතාවලිය නිමා වූ පසු දුමිදු සහභාගි වූ ඇමෙරිකානු මහද්වීපය ආශ්‍රිත තරගවලදී සූරතා ජයග්‍රහණ දෙකක්,අනු සූරතා දෙකක් සහ තුන්වන ස්ථාන දෙකක් දිනාගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...