ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මසාර්-ඉ-ෂරීෆ් නගරය අසල කොල්ම් හි රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ(02) රාත්‍රියේ ඇතිව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කර තිබේ.

භූමිකම්පාව හේතුවෙන් කිසිදු මරණ හෝ තුවාලයක් මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙය සිදු වන්නේ අගෝස්තු මස 31 වන දින රටේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0 ක නොගැඹුරු භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයින් 2,200 කට වැඩි පිරිසක් මිය යාමෙන් මාස කිහිපයකට පසුවය.

හින්දු කුෂ් කඳු වැටිය දිගේ, යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි හමුවන ස්ථානයට ආසන්නව ඇෆ්ගනිස්ථානය පිහිටා ඇති බැවින් රට තුළ භූමිකම්පා බහුලව දක්නට ලැබෙන අතර ඇෆ්ගනිස්ථානය මේ වන විට ගැටුම් රැසකට මුහුණ පා තිබේ.

දශක ගණනාවක යුද්ධයෙන් පසු දරිද්‍රතාවය, දැඩි නියඟය, තලෙයිබාන් රජයට විදේශ ආධාර නොලැබීම, සහ අසල්වැසි පකිස්ථානය සහ ඉරානය විසින් මිලියන සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයින් නැවත එවීම, දුර්වල යටිතල පහසුකම් ඒ අතරින් කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...