විදුලි බලාගාර රැසක ඉන්ධන මට්ටම් බරපතළ ලෙස පහළට ….

ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාර රැසක ඉන්ධන තොග දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් මට්ටමකට පහළ බැස ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසම විසින් ඊයේ (01) දිනයේදී නිකුත් කළ සටහනකට අනුව සොජිට්ස් බලාගාරය සහ මාතර ඒස් බලාගාරය සතු ඉන්ධන තොග ඊයේ දිනය වනවිටත් අවසන්ව තිබී ඇත.

එසේම තවත් බලාගාර රැසකම ඉන්ධන අද දිනයේදී අවසන් වීමට නියමිතව ඇති අතර තවත් දින තුනකට ප්‍රමාණවත් ඉන්ධන සතුව ඇත්තේ සපුගස්කන්ද A, සපුගස්කන්ද B සහ බාර්ජ් යන බලාගාරවලට පමණි.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය සතුව ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ඇති නමුත් එම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නතර කර ඇති බැවින් එයින් ලැබෙන ධාරිතාවය ද මෙගාවොට් 540ක් දක්වා පහළ බැස තිබේ.

ඒ අනුව රජයට අද දිනයේදී IOC සමාගමෙන් ඩීසල් තොගයක් ලබාගැනීමට හැකි වුවහොත් පමණක් විශාල විදුලි කප්පාදුවකට නොයා සිටීමට හැකිවනු ඇති බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...