“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

Date:

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :


අද (03) දිනයේදී ශ්‍රී ලංකාවේ ස්වභාවික වන සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා වන “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විවෘත කරන බව පරිසර අමාත්‍යංශය පවසයි.

ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් බව පැවසේ.

පරිසර අමාත්‍යාංශය පැවසුවේ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුතුව මෙම මෙහෙයුම් ඒකකය පිහිටුවන බවයි .

ඒ අනුව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවන මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක බව සඳහන් වේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිත සිදුවන හානි තත්ත්වයන් පිළිබඳ 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබාදීමට හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...