“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

Date:

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :


අද (03) දිනයේදී ශ්‍රී ලංකාවේ ස්වභාවික වන සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා වන “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විවෘත කරන බව පරිසර අමාත්‍යංශය පවසයි.

ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් බව පැවසේ.

පරිසර අමාත්‍යාංශය පැවසුවේ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුතුව මෙම මෙහෙයුම් ඒකකය පිහිටුවන බවයි .

ඒ අනුව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවන මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක බව සඳහන් වේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිත සිදුවන හානි තත්ත්වයන් පිළිබඳ 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබාදීමට හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...