2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එම අවස්ථාවට එක්ව ඇත.

ඒ අනුව හෙට (07) 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.