පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී

නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට III වන චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමන ලදී. හිටපු බ්‍රිතාන්‍ය පාපන්දු තරුව ඔහුගේ ඒ ආඩම්බර මොහොත ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ හරි උජාරුවෙන් රසිකයන් සමඟ බෙදා ගෙන තිබුණි.


හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයා ඉකුත් අඟහරුවාදා වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ක්‍රීඩාවට සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය ලබා ගත්තේය. එහිදී ජපන්-බ්‍රිතාන්‍ය කතුවරියක් සහ තිර රචක කසුඕ ඉෂිගුරෝ සහ වෙස්ට් එන්ඩ් සහ බ්‍රෝඩ්වේ තරුවක් වන එලේන් පේජ් ද ගෞරව ලැබීය.

මෙම වසර මුලදී රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ බෙකම් නම් කරන ලද අතර මෙම පදවිය පිළිබඳ ඔහු දැරූ අදහස් මෙසේය:

“මගේ වෘත්තීය ජීවිතය තුළ මම දිනපු දේ දිනා ගැනීමට ලැබීම මට ඉතා පැහැදිලිවම වාසනාවක්. මම කළ දේ කළා, නමුත් මේ වගේ ගෞරවයක්, නයිට්වරයෙකුගේ ගෞරවයක් මට ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැති දෙයක්,” බෙකම් උත්සවයෙන් පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔස්සේ මෙසේ ප්‍රකාශයක් සිදු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...