සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස් වී ඇතැයි ජාතික ජන බලවේගය නිවේදනය කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අතර චෝදනා එල්ල වී තිබෙන සැකකාර විදුහල්පතිවරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...