බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :

ගාල්ල බන්ධනාගාරයේ හෝ බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු පිළිබඳ අමුතු ආකාරයේ නීතියට පටහැනි අපූරු සිදුවීමක් වාර්තා වේ.

ඒ, මත්ද්‍රව්‍ය පානය කරමින් බන්ධනාගාරය තුළ සැපවත් ජිවිතයක් ගතකරන රැඳවියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකට අදාළවයි

ඒ අනුව ඒ පිළිබදව වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් එම බන්ධනාගාර දෙකෙහි අධිකාරීවරුන්ගෙන් වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුව තුළ රැඳවියන් ජංගම දුරකතන භාවිත කරන බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත මීට පෙර තොරතුරක් ලැබී තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව එම බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අදාළ වාට්ටුවේ හදිසි වැටලීමක් සිදු කළ බවයි

එහිදී එම වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වුණේ, එම ජංගම දුරකතන දෙක වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි අංශ වෙත භාර දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...