බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :

ගාල්ල බන්ධනාගාරයේ හෝ බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු පිළිබඳ අමුතු ආකාරයේ නීතියට පටහැනි අපූරු සිදුවීමක් වාර්තා වේ.

ඒ, මත්ද්‍රව්‍ය පානය කරමින් බන්ධනාගාරය තුළ සැපවත් ජිවිතයක් ගතකරන රැඳවියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකට අදාළවයි

ඒ අනුව ඒ පිළිබදව වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් එම බන්ධනාගාර දෙකෙහි අධිකාරීවරුන්ගෙන් වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුව තුළ රැඳවියන් ජංගම දුරකතන භාවිත කරන බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත මීට පෙර තොරතුරක් ලැබී තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව එම බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අදාළ වාට්ටුවේ හදිසි වැටලීමක් සිදු කළ බවයි

එහිදී එම වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වුණේ, එම ජංගම දුරකතන දෙක වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි අංශ වෙත භාර දී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...