රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW :
“ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(11)සවස 3.00ට නෙළුම් පොකුණ රඟහලේදීයි පැවැත්වීමට නියමිතයි.
එම සම්මාන උළෙල පවත්වනු ලබන්නේ විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙනි.
මෙම සම්මාන උලෙළේ අරමුණ වන්නේ, සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීමයි.
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කෙරේ.
මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණීක මෙහෙවර අගය කරමින් දිවියේ එක් වරක් පමණක් පිදෙන ” මාධ්‍යාභිමානී ” සම්මාන හා මුදල් ත්‍යාග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හය දෙනකු සඳහා පිරිනැමීමට ද නියමිතයි.
මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ සංවිධාන කරනු ලබන්නේ, සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟිනි.
