පාස්පෝට් ගන්න දින දෙකක් පෝලිමේ සිටි ගැබිනි කාන්තාව දරුවකු ප්‍රසූත කරයි

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි ගැබිනි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවකු ප්‍රසූත කර තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම කාන්තාව පාස්පෝට් පෝලිමේ සිටියදී ප්‍රසූත වේදනාව සෑදී තිබෙනවා. රාජකාරියේ නියුතව සිටි පොලිස් හා හමුදා නිළධාරීන් අදාල කාන්තාව කොළඹ ද සොයිසා කාන්තා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කරන තිබෙන්නේ.

ඉන්පසු මෙම ගැබිනි කාන්තාව ප්‍රසූතිය සිදුකර ඇති අතර මේ වනවිට දෙදෙනාම පූර්ණ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සිය සැමියා සමග විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අරමුණින් දින දෙකක් පෝලිමේ සිට තිබෙනවා.

පසුගිය කාලසීමාව පුරා පෝලිම්වල සිටියදී මරණයට පත්වී‍මේ සිදුවීම් රැසක් වාර්තා වූ අතර මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ පළමුවරටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...