බස් එකේ යන කතාවක් අපි කොහෙවත් කියලා නෑ, ජනතාවට නැති කිසිවක් නොගන්න බවක් කියලාත් නෑ – ඇමති මහින්දට මල පනී !

Date:

රජයේ වාහන නොගෙන බස් එකේ, කෝච්චීයේ ගොස් ජනතාවට සේවය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිවක් ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් නොගන්නා බවක් හෝ තම පක්ෂය කිසිම තැනක ප්‍රකාශ කර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

තමනුත් බස්වල වැඩට යාමට කැමති නමුත් 76 වසරක් තිස්සේ රට පාලනය කළ දේශපාලනඥයින්ගේ වැරදි නිසා තමන්ට රජයෙන් ඩබල් කැබ් ගැනීමට සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“උදාහරණයකට මම අමාත්යාංශ වාහන පාවිච්චි කරන්නෙ. මම පාවිච්චි කරන වාහන දෙකක් තියෙනවා. මාරුවෙන් මාරුවට අවශ්‍යතාවට, ඒ කියන්නෙ අරක සර්විස් කරනකොට තව එකක්. මේ දෙකම සර්විස් කරලා ටික දවසක් යනකොට ආයෙ ප්‍රශ්න. හරිද ? එක්කෝ AC එක කැඩෙනවා, නැත්නම් රෙගියුලේටර් එක කැඩෙනවා, මොකක් හරි ප්‍රශ්නයක්. හරිද ? දැන් එක වාහනයක් හදන්න දාලා සතියකට වැඩියි. එක වෙලාවක ලක්ෂ 14ක් ගියා. ඒ කියන්නෙ මේවා ඉතාම පරණ, දුවන්න බැරි, ඒ තත්වයේ තියෙන වාහන තියෙන්නෙ. රජයේ වාහනත් එහෙමයි”

ප්‍රශ්නය – ඒ කාලෙ ඔහොම නෙවෙයිනෙ කිව්වෙ. බස් එකේ, කෝච්චියේ ගිහින් වැඩ කරනවා කියලානෙ කිව්වෙ. ජනතාවට නැති මොකුත් අපට එපා කියලාත් කිව්වානෙ ?

“අපි කොහෙවත් එහෙම කියලා නෑ. මට පෙන්වන්න ඔහොම කියලා තියෙනවා නම්. මම අභියෝග කරනවා. කොහෙද එහෙම කියලා තියෙන්නෙ කියලා මට පෙන්වන්න. මේ රටට බොරු කියන්න එපා. මෙන්න තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය, මේකෙ කොහෙද එහෙම කියලා තියෙන්නෙ ? අපි කැමතියි බස් එකේ කෝච්චියෙ යන්න, හැබැයි එහෙම රටක් අවුරුදු 76ක් තිස්සෙ හැදුවෙ නෑ ඕගොල්ලො. බස් එකේ කෝච්චියෙ යන්න තරම් ගමනාගමන පහසුකම් තියෙන, වෙලාවට බස් තියෙන රටක් හදලා තිබ්බා නම් අපි අද වාහනවල යන්නෙ නෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...