රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයට එරෙහිව මෙක්සිකානු ජනතාව දහස් ගණන් විදීබැස ඇති බව වාර්තා වේ.

රට භීතියට පත් කරන සන්නද්ධ කාටෙල් සාමාජිකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා තිබු අතර මෙම පාගමන් සඳහා ඇගේ රජයට විරුද්ධ දක්ෂිණාංශික දේශපාලනඥයින් විසින් සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව දෙසට පැමිණීමත් සමඟ තත්වය පාලනය කිරීම වෙනුවෙන් හමුදාව කඳුළු ගෑස් භාවිතා කර තිබු අතර , මංකොල්ලකෑම් සහ පහරදීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් බලධාරීන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුම් හේතුවෙන් 120 දෙනෙකු තුවාල ලබා ඇත.

ෂයින්බෝම් සිය ධුර කාලය තුළ ෆෙන්ටැනයිල් ජාවාරම මැඩපැවැත්වීම සඳහා පියවර රැසක් ගෙන ඇති මුත්, රට අල්ලාගෙන සිටින ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඇය විවේචනයට ලක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...