මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

Date:

ඕවින්දි විෂ්මිකා

නොවැම්බර් 17, ලෝකය (LNW):
කැනේඩියානු නළු Calum Worthy විසින් මියගිය තම ආදරණීයයන්ගේ අන්තර්ක්‍රියාකාරී අවතාර(AI-avatar) නිර්මාණය කිරීමට පරිශීලකයින්ට ඉඩ දීමට නිමැවුනු නව කෘත්‍රිම බුද්ධි (AI) යෙදුමක් දැඩි මහජන විවේචනයට පත්ව තිබේ.

Austin & Ally සහ American Vandal යන තීරාවලියන් සඳහා ප්‍රසිද්ධ ඔහු විසින් නොවැම්බර් 11 දින X හි පළ කළ වයිරල් පෝස්ටුවකින් 2wai නම් මෙම යෙදුම හඳුන්වාදීමට සමත් වූ අතර එය “මනුෂ්‍යත්වයේ ජීවමාන ලේඛනාගාරයක්” ලෙස විස්තර කළේය.

මිලියන 22 කට වඩා වැඩි වාර ගණනක් නරඹන ලද 2wai යෙදුමේ ප්‍රවර්ධන වීඩියෝවේ ගැබිනි කාන්තාවක් ඇගේ මියගිය මවගේ AI-ජනනය කළ අනුවාදයක් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පෙන්වයි. ඉන්පසු ඇය ඇගේ මුනුපුරාට ඔහුගේ ජීවිතයේ විවිධ අවධීන් හරහා එනම් මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා මඟ පෙන්වන ආකාරයේ රූපදර්ශන පෙන්වයි. දැන්වීම අවසන් වන්නේ “මිනිත්තු තුනක් සමග සදාකාලයක්” යන පාඨයකිනි.ඒ එම මියගිය මවගේ මිනිත්තු තුනකට සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් භාවිතා කර නිර්මාණය කළ එකක් බව එළිදරව් කරමිනි.

2wai හි තාක්‍ෂණය මඟින් පරිශීලකයින්ට කෙටි පටිගත කිරීම් වලින් ජීවමාන “HoloAvatars” නිර්මාණය කිරීමට ඉඩ සලසයි. මියගිය අය ඇතුළුව සැබෑ පුද්ගලයින්ගේ ඩිජිටල් අනුරූ සමඟ තත්‍ය කාලීන සංවාද සක්‍රීය කරයි. එම යෙදුමේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ AI අනුවාද මෙන්ම එහි නිර්මාණකරුගේ AI-avatar එකද ඇත. බීටා වෙළඳපලට නොමිලේ ලබා දුනද ඉදිරියේදී සමාගම විසින් ගෙවිම් කළ යුතු ප්‍රීමියම් විශේෂාංග වැනි නව විශේෂාංග හඳුන්වා දීමට සැලසුම් කරයි.

දැඩි විවේචන සහ සදාචාරාත්මක ගැටළු

මෙම යෙදුම නිකුත් වූ එම තත්පරයේම එයට දැඩි අවධානයක් සමගම සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයන් ද එල්ල විය. මියගිය අයව AI මගින් “නැවත” කථා කිරීමට සැලැස්වීම මතකයන් විකෘති කිරීමට, ශෝකය සූරාකෑමට සහ මුල් පුද්ගලයාගේ අවසර නොමැතිව ඔවුන්ගේ රූපය නැවත නිර්මාණය කිරීමට තාක්‍ෂණය අයුතු ලෙස යොදා ගැනීමක් බව කියමින් බොහෝ පරිශීලකයන් කණස්සල්ලට සහ කෝපයට පත්ව ඇත.

එම ප්‍රතිචාරයන්ට අනුව මෙම 2wai ලේබල් කර ඇත්තේ:

•”වංක,වංචනික සහ මනුෂ්‍යත්වයට පටහැනි.”
•“කල්පනා කළ හැකි නරකතම අදහසක්.”
•“දුකෙන් ලාභ ලබන නිෂ්පාදනයක්.”
ලෙසයි.

බොහෝ දෙනා Black Mirror ටීවී කථා මාලාවේ “Be Right Back” එපිසෝඩය හා මෙහි ඇති සමාන බව ඉස්මතු කළේ එම කතාංගයේ ශෝකයට පත් කාන්තාවක් තම මියගිය සහකරුගේ අනුරුවක් සමඟ සන්නිවේදනය කිරීමට AI භාවිතා කරන්නක් තිබූ නිසාවෙනි.බොහෝ දෙනෙක් මෙම සංසන්දනය දකින්නේ ආශ්වාදයක් ලෙස නොව අනතුරු ඇඟවීමක් ලෙසය.

“Grief-Tech” කලාපයේ නව තර්කය

2wai යෙදුම “grief tech” ලෙස හැඳින්වෙන නැගී එන කර්මාන්තයේ නවතම සාමාජිකයෙකි. නමුත් මෙය නිකුත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුල් පුද්ගලයාගේ අවසර ලබා ගැනීම්, පෞද්ගලිකත්වය, දත්ත හිමිකම් සහ චිත්තවේගීය අවදානම් වටා එක් රොක් වූ නීතිමය ප්‍රශ්න තවදුරටත් වැඩි වෙයි.

පරම්පරා ගණනාවක් පුරා මතකයන් ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක් ලෙස සමාගම මෙම යෙදුම ප්‍රවර්ධනය කළත් එම තාක්‍ෂණය සදාචාරාත්මක සීමාවන් වලට තර්ජනයක් වන අතර සෞඛ්‍ය සම්පන්න චිත්තවේග පාලනයට බාධා කළ හැකි බවට විචාරකයින් අනතුරු අඟවයි.

සමාජ මාධ්‍යයේ දැඩි විවේචන අතරින් 2wai මිනිසුන්ට මතක තිබෙන ආදරණීයයන් “නැවත” හමුවන බව පවසන නමුත් බොහෝ දෙනාට මේ තාක්ෂණය ඉතාමත් අති සංවේදී සීමාවක් අභියස ගමන් කරන බවක් පෙනෙයි.මන්ද අපට අහිමි වූ පුද්ගලයින් ප්‍රතිනිර්මාණය කිරීමේදී AI කොපමණ දුරකට එය සීමා කළ යුතුද යන්න පිළිබඳ දුෂ්කර ප්‍රශ්න මතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...