සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර

Date:

කොළඹ LNW:වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන තලයේ වන කතා බහ ඉතා තීව්‍ර වී තිබෙන පසුබිමක එහිදී කැපී පෙනෙන චරිතයක් වූයේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්නය.

එම වැටුප් වැඩි කිරීමේ නීත්‍යානුකූලභාවය විමසීමේ කාරණයත් සමඟ ඇයට එරෙහිව සමාජ විරෝධයක් මතුවන ආකාරය දක්නට ලැබුණු අතර අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී විපක්ෂයේ සිටි කඳුකරය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයද ආණ්ඩුවට ලබා දෙන අයුරු දක්නට ලැබුණි.

කෙසේවෙතත් අද (17) දිනයේද ඇය පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එම වැඩි කළ වැටුප් හිමිවීම සම්බන්ධයෙන් විවාදාත්මක කතකාවක් කරන ලදී.

”වතු ශ්‍රමිකයෝ ඉන්නව හාර ලක්ෂ අසූ දාහක්. ලාභ ලබන සමාගම් 21 ඇතුලේ ඉන්නේ එක්ලක්ෂ එක්දාහයි. ඒකෙන් දවස් 25 වැඩ කරන අය 50,000ට අඩුයි. 20,000ක් විතර. 20,000කියල හිතුවොත් හාරලක්ෂ හැට දාහකටම ඒක හම්බවෙන්නේ නැහැ. මේ වතු ශ්‍රමිකයා වෙනුවෙන් අද පෙනී ඉන්නවා වගේම හෙටත් මම පෙනී ඉන්නවා. ඔයගොල්ලෝ පෙළපාලි නෙවෙයි පින්තූර පිච්චුවත් මාව පාරේ මරල දැම්මත් මේ අයට හොඳ ක්‍රමයක් ලැබෙනකම් මගේ සටන මම ගෙනියනවා. මගේ මතය වෙනුවෙන් මම පනී ඉන්නවා මොකද මන්ද පෝෂණය තියෙන්නේ වහලේ හිල් වෙලා තියෙන්නේ පොළවේ උල් දිය දාන්නේ අර කියන ප්‍රධාන සමාගම් 21 අයගේ නෙවෙයි.” යනුවෙන් ඇය විසින් පවසන ලදී.

කෙසේවෙතත් මන්ත්‍රීවරියගේ අද කතාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පැවසුවේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මුට්ටිය බිඳ ගෙනම නාගන්නා බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...