කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය ආයෝජකයන්ට ආරාධනා කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩසටහනකදී අමාත්‍යවරයා මෙම ආරාධනය සිදු කළ අතර එම වැඩසටහන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබුණි.
දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය සංචාරකයින් විශාල පිරිසක් මෙරටට පැමිණෙන පසුබිමක ඉන්දීය සංචාරකයින් සඳහා කෙටි දුර ගමනාන්ත අතුරින් ඉහළම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්ව තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සංචාරක පැමිණීම මෙලෙස වර්ධනය වීම වෙනුවෙන් නිදහස් වීසා ප්‍රවේශ පහසුකම් සහ ඉලක්ක ගත ප්‍රවර්ධන වැඩසටහන් හේතු වූ බවයි ඔහු පැවසුවේ.
මේ වන විට නාගරික විවේකයන් ,වෙරළ සංචාරක ව්‍යාපාරය චිත්‍රපට නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත්
දෙරටේ සබඳතාව වඩාත් වර්ධනය කරමින් සංචාරක සහ චිත්‍රපට ක්ෂේත්‍රවලට එක්වන ලෙස තමන් ඉන්දීය ආයෝජකයින්ට ඇරයුම් කරන බව හෙතෙම අවධාරණය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
