දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 400 ට අදාළව සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අත්අඩංගුවට !

ඊයේ (20) දිනයේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව ඊයේ පන්නල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගනු ලැබූ මෙම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූප පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...