නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින් පැවත්වීමට නියමිත මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලීසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

එම රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිතයි.

අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කරන ලෙස පොලීසිය සංවිධායකයින්ට දැනුම් දී ඇත.

එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට ඉඩ දිය යුතු බවටද දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව රැළිය පැවැත්වෙන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලීසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත අවධාරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...