ඇමරිකානු ශ්‍රීලංකා සහයෝගීතා හමුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW :

පාර්ලිමේන්තු සංකීර්ණයේදී , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබේ.

එම හමුවේ දී අමෙරිකානු තානාපතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්,  අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

මෙහිදී, එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් ඇය සිහිපත් කළ අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ  අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමග සමපාත වන  විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද  අවධාරණය කළ බව වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

සටහන - රුවන් නෙළුගොල්ල නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක...

ඉරාන ප්‍රහාරයකින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයක ගින්නක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය විසින්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

අද (නොවැම්බර් 22) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර...

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...